දරුවා වැටී සිටියේ සතුන් ගැවසෙන කැලෑවක් අද්දර මහ මගක – වාහනයේ රියැදුරු
කිතුල්ගලදී ත්‍රීවිල් රියකින් මහ මාර්ගයට වැටුණු අත දරුවාගේ ජීවිතය බේරා ගැනීමට තමාට හැකිවීම පිළිබඳව සතුටට පත්වෙන බව මාතර රුවන් සජිත් කුමාර සූරියආරච්චි මහතා ‘දිවයින’ ට පැවසීය.
ඒ මහතා මෙසේද පැවසීය.
අපේ පවුලේ කට්ටිය සිරිපාදේ ගිහින් දන්සලක් දැම්මා. අපි ආපහු එනකොට රෑ කෑම කන්ඩ තැනක් සොයාගෙන ආවා. එතොකොට රෑ 12ට කිට්ටු කරලා තිබුණා. කිතුල්ගල මහා මාර්ගයේ යම්කිසි රෙද්දක් වගේ දෙයක් මැදිකරගෙන වාහනය මා පදවාගෙන ගියා. ඒ මැදිකරගෙන ගියේ මොකක්ද කියා මට පුංචි සැකයක් ආවා.
වෑන්රිය නවතා එය පරීක්‍ෂා කරද්දි පුංචි අත දරුවෙක්. මම හුඟාක් පුදුම වුණා මේ අත දරුවා අනතුරක් නැතිව මේ විදිහට වැටිලා හිටියේ කොහොමද කියලා. පාර අද්දර කැලෑව. සතෙකුට අහුවුණා නම් දරුවාගේ ජීවිතෙ අනතුරේ.
මම මේ දරුවා කිතුල්ගල පොලිසියට භාර දුන්නා මේ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන්න කියලා.
ත්‍රීවිල් රථයෙන් යද්දී දරුවාගේ මවගේ අතින් දරුවා පාරට වැටී ඇති බව දැනගන්න ලැබුණා.
නෝමන් පලිහවඩන