තාත්තාටයි සැමියාටයි එකවර හෙරොයින් ගෙන ගිය කතක්

396


පල්ලෙකැලේ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින පියාටත් ස්වාමියාටත් හෙරොයින් රැගෙන ගිය බව කියන විසිඅට හැවිරිදි කාන්තාවක් බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර මහයියාවේ පදිංචි ප්‍රියදර්ශනී වාමදේවන් නැමැති මෙම කාන්තාව පල්ලෙකැලේ පොලිසිය වෙත භාරදී ඇති අතර අනතුරුව තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීම මත රුපියල් 5000ක දඩ මුදලක් සහ හය මසක අත්හිටවූ සිර දඬුවම් ද නියම කර ඇත.
ඇය ඊයේ දහවල් සිය ස්වාමියාට සහ පියාට ආහාර රැගෙන පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත ගොස් තිබේ. ඇයගේ හැසිරීමේ ස්වභාවය සැකකටයුතු වූ බැවින් බන්ධනාගාර නිලධාරීන් විසින් ඇයව පරීක්ෂා කර ඇතග එම අවස්ථාවේ ඇය සතුව හෙරොයින් මිලිග්‍රෑම් 1370 ක් තිබී සොයාගෙන ඇත. ඉන්පසු ඇය පල්ලෙකැලේ පොලිසිය වෙත භාර දී තිබේ.
වාමදේවන් නැමැති පියා සහ ඇයගේ ස්වාමියා කලක සිට හෙරොයින් ජාවාරමේ නිරතව සිට ඇති අතර එහිදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment