මට කියන්න බැරි තරම් දුක හිතෙන දේවල් වෙලා නැහැ – නයෝමි තක්‍ෂිලා

172

කකුල උලක වැදිලා මැහුම් හතරක් දැම්මා
නාට්‍ය හතරක වැඩ

මේ දවස්වල ඇය අපට නාලිකා කිහිපයකින්ම දකින්න ලැබෙනවා. සියත නාලිකාවේ ‘ඇතුළුවීම තහනම්’, සිරස නාලිකාවේ ‘නීළ පබළු’, ස්වාධීන රූපවාහිනියේ ‘ජානු’ වගේම හිරු නාලිකාවේ ‘දිවිතුරා’ කියන ටෙලි නාට්‍ය තුළින් විවිධ චරිත හරහා ඔබේ ආලින්දයට ගොඩවන ඇය නමින් නයෝමි තක්‍ෂිලා. ඉතිං නයෝමිට මේ වෙලාවෙ ඉඩක් වෙන් නොකළොත් ලොකු අඩුවක් කියල අපට හිතුණා. ඒ හින්දම අපි ඇයට මේ ඉඩකඩ වෙන්කළා.

මට කියන්න බැරි තරම් දුක හිතෙන දේවල් වෙලා නැහැ - නයෝමි තක්‍ෂිලා

● මොකද මේ ඇතුළුවීම තහනම් කරලා?

ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්‍ෂවරයාගේ මම වැඩ කරන අලුත්ම ටෙලි නාට්‍යය තමයි ඇතුළුවීම තහනම්. සියත නාලිකාවේ තමයි මේ ටෙලිනාට්‍යය විකාශය වන්නේ. මගේ චරිතය තමයි සොනාලි.

● සොනාලිට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම හොඳයි, මොකද මේ වගේ චරිත සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. ඒක හින්දා මේ චරිතය ප්‍රේක්‍ෂකයන්ට හොදින් දැනේවි කියල හිතනවා.

මට කියන්න බැරි තරම් දුක හිතෙන දේවල් වෙලා නැහැ - නයෝමි තක්‍ෂිලා

● ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්‍ෂවරයා මුණගැසීම ගැන මොකද හිතන්නේ?

මම ශිවා සර් එක්ක වැඩකරන පළමුවැනි වතාව. වැඩකරන්න පහසු අධ්‍යක්‍ෂවරයෙක්. මේ දිනවල ගොඩක්දෙනෙක් කතාබහ කරන අධ්‍යක්‍ෂවරයෙක්. මොකද ඔහු අධ්‍යක්‍ෂණය කරන නාට්‍ය කිහිපයක්ම නාලිකාවල මේ දවස්වල විකාශය වෙනවා.

● මේ දවස්වල වෙන මොනවද කරන්නේ?

මේ දිනවල මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය තුනක් විකාශය වෙනවා.

මට කියන්න බැරි තරම් දුක හිතෙන දේවල් වෙලා නැහැ - නයෝමි තක්‍ෂිලා

● මොනවද ඒ ටෙලිනාට්‍ය?

සිරස නාලිකාවේ ‘නීල පබළු’. ස්වාධීන රූපවාහිනියේ ‘ජානු’, හිරු නාලිකාවේ ‘දිවිතුරා’ ටෙලි නාට්‍ය තුන විකාශය වෙනවා.

● මේ චරිත හතරෙන් නයෝමිට සමාන කවුද?

ජානු ටෙලිනාට්‍යයේ නිත්‍යා මට ටිකක් සමානයි.

● නිත්‍යා ගැන කට්ටිය මොනවද කියන්නේ?

නිත්‍යා කියන්නේ හරි සංවේදී චරිතයක්. මම රඟපාන අනෙක් චරිත ටිකක් නපුරු හින්දා නිත්‍යාගේ චරිතය හරි වෙනස්. මොකද ඒක සුදු චරිතයක්නේ. ඒකට ලැබෙන ප්‍රතිචාරත් වෙනස්.

● නාට්‍ය හතරක ෂූටින්?

ටිකක් විතර කාර්යබහුලයි. නමුත් කාලය කළමනාකරණය කරගෙන වැඩේ කරන හින්ද ලොකු ගැටලුවක් නැහැ.

● අලුත් වේදිකා නාට්‍යවලට ආරාධනා ලැබුණ ද?

ලැබිල තියෙනවා. මේ දිනවල තිබෙන කාර්යබහුලත්වයත් එක්ක සම්බන්ධ වෙන්න චුට්ටක් අමාරුයි. ඉදිරියට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

● සිනමාවට ආරාධනා අඩු ද?

මම චිත්‍රපට දෙකක වැඩ කළා. ඒවා තවම තිරගත වුණේ නැහැ. ‘නීලම්’ සහ ‘ආයාචනා’ කියන චිත්‍රපට දෙකට තමයි සම්බන්ධ වුණේ.

● නාට්‍ය හතරෙ ෂූටින් වලදී මුහුණ දුන්න අත්දැකීම් මොනවගේද?

එහෙමම කියලා ලොකු දේවල් නැහැ. නීල පබළු ටෙලි නාට්‍යයේ ෂූටින් වලදී නම් කැලේ ෂූට් කරන වෙලාවේ මගේ කකුල උලක වැදිලා මැහුම් හතරක් දාන්න සිද්ධ වුණා. තව මුහුදේ ෂූට් කරද්දී ටිකක් ඈතට ගිහිල්ලා ෂූට් කරපු හින්දා ටිකක් බය හිතුණා.

● ළඟදී ගමේ ගියේ නැහැ?

ගියා, ගියා මම කොහොමටත් මාසෙකට සැරයක් ගමේ යනවා.

● රඟපෑමට ගෙදරින් ලැබෙන සහය?

ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ පළමු ප්‍රේක්‍ෂකයා ගෙදර. එයාල හොද නරක දෙකම මට කෙළින් කියනවා.

● මේ වෙනකොට නියෝමිගේ වෘත්තිය

මගේ වෘත්තිය රඟපෑම.

● ඊට නිසි වටිනාකමක් ලැබිල තියෙනවාද?

සමහරු කියනවා රඟපෑම එහෙම වෘත්තීය වශයෙන් කරන්න බැහැ කියලා. නමුත් ඒක බොරු කථාවක්. තමන් දැනගන්න ඕනෑ තමන්ගේ තැන හදාගන්න. රඟපෑමට මිලක් දෙන්න බැහැ. අපි හැඟීම්නේ පිට කරන්නේ. අපි වැයකරන කාලය සහ ශ්‍රමයට අනුව අපිට පුළුවන් වටිනාකමක් හදාගන්න.

● ඔබට පසුතැවීම් තිබෙනවාද?

මම කවදාවත් පිටුපස්සට හැරිල බලල පසුතැවෙන කෙනෙක් නෙමෙයි. පසුතැවෙන දේවල් වුණත් මම ඒවා ටක් ගාල මගේ මතකයෙන් ඉවත් කරල දාන කෙනෙක්. හැමවෙලේම සතුටින් ඉන්න හින්දා අනෙක් පැත්ත හැරිල බලද්දී මට දුක්වෙන්න කාරණා නැහැ කියලයි මට හිතෙන්නේ.

● ලැබෙන චරිත ගැන සෑහීමකට පත්වෙනවාද?

ඔව්. මම හැමදාම වැඩ කරල තියෙන්නේ. පවුඩර් බබාගේ හෝ පෙම්වතියට නෙමෙයි. විවිධ චරිත මට හම්බවෙලා තියෙනවා. ඒ හින්ද මම එයින් සෑහීමකට පත්වෙනවා.

● කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න වෙලා තිබෙනවාද?

එහෙම අවස්ථා නැත්තෙම නැහැ.

නමුත් ලොකු අභියෝග නැහැ. අපි අනෙක් අයට ගරු කළොත් අපිට ආපස්සට ඒක ලැබෙනවා. ඉතිං ඒක හින්දා මට කියන්න බැරි තරම් දුක්ඛිත දේවල් වෙලා නැහැ.

● නයෝමිගේ ලොකුම සිහිනය?

එහෙම විශේෂයක් නැහැ. මට ඕනෑ හැම වෙලේම සතුටින් කාලය ගෙවන්න. ඉතිං ඉස්සරහටත් එහෙම කාලය ගෙවන්න තිබුණොත් ඇති.

● ජනප්‍රියම නිළිය, හොඳම නිළිය සම්මානයෙන් වැඩිපුරම කැමැති මොන සම්මානයටද?

හොදම නිළිය සම්මානයට තමයි කැමැති.

● ඔබත් සම්මාන බලාගෙනද රඟපාන්නේ?

එහෙම නැහැ. කලාකරුවො විදිහට අපි හැමෝම ආසයිනේ යම්කිසි ඇගයීමක් ලැබෙනවාට. අපි කරන නිර්මාණයට කැපවෙන ප්‍රමාණය දන්නෙ අපි. ඉතිං ඒකට ලැබෙන ඇගයීම එපා කිව්වොත් ඒක බොරුවක්නේ.

● ඔබට ඒ වටිනාකම ලැබිල තියෙනවාද?

ඔව්. මම වේදිකාවෙන් හොඳම නිළිය සම්මානය අරගෙන තියෙනවා. පුංචි තිරයේදීත් ජනප්‍රිය නිළිය සහ සහාය නිළියට හිමි සම්මානයත් අරගෙන තියෙන්නේ. තව එකයි ගන්න තියෙන්නේ. ඒකටත් උත්සාහ කරනවා.

● විවාහයට ගෙදරින් කලබල කරන්නේ නැතිද?

මම හිතන්නෙ විවාහයට කාලයක් සීමාවක් නැහැ. හොඳම අවස්ථාව එන්න ඕනෑ කියලයි මට හිතෙන්නේ.

දිනේෂ් විතාන
ඡායා – අන්තර්ජාලය ඇසුරිණි

advertistmentadvertistment
advertistmentadvertistment