තිස්ස කරලියද්ද සජබට යයි

285

හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරලියද්ද මහතා සමගි ජන බලවේගය හා එක්ව තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යධුරයේ ද දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැදවච්චිය ආසන සංවිධායක ලෙසද කටයුතු කළේය.

ඔහු සමගි ජන බලවේගයේ මැදවච්චිය ප්‍රදේශයේ සම සංවිධායකවරයා ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment