G20 සමුළුවට කෘත්‍රිම බුද්ධිය

178

ඉන්දියාවේ පැවැත්වෙන G20 සමුළුවට ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන ඇත.ඒ අනුව ඉන්දියානු ජනතාවට සිය මවු භාෂාව ඔස්සේ අන්තර්ජාල සහ ඩිජිටල් සේවාවන් වෙත පහසු ප්‍රවේශයක් ලබා දීමට ජුගල්බන්දි නැමැති නව තාක්ෂණික කුටියක් හඳුන්වාදීම සිදුවීම විශේෂත්වයකි. සමුළුවේ තොරතුරු ඕනෑම වසමක කෘත්‍රිම බුද්ධි විසඳුම් හරහා ලබාගත හැකිය.භාෂා 50ක් භාවිතා කරමින් කටයුතු කරන එරට ජනතාවට මෙම කුටිය හරහා රජයේ යෝජනා ක්‍රම 121ක් ගැන ප්‍රශ්න ඇසීමට ඉඩ සලසයි.මෙය සංවර්ධකයින්ට සියළුම ඉන්දියානුවන්ට ඔවුන්ගේ මව් භාෂාවෙන් අන්තර්ජාල සහ ඩිජිටල් සේවාවන් වෙත පහසු ප්‍රවේශයක් ලබා දීමට උපකාරී වනු ඇත. මෙය ඉන්දියානු භාෂා පරිවර්තන ආකෘතිවල බලය ඒකාබද්ධ කරන නිදහස් සහ විවෘත වේදිකාවකි.ජුගල්බන්දි යනු භාෂිනි යටතේ ඇති වේදිකාවක් වන අතර එය පවතින තාක්‍ෂණය භාවිතා කරමින් විවිධ ඉන්දියානු භාෂා අතර බාධක බිඳ දැමීම අරමුණු කරගත් දේශීය භාෂා පරිවර්තන මෙහෙයුමකි.ඊයේ ආරම්භවූ මෙම දෙදින සමුළුවට සහභාගී වන නියෝජිතයින්ට ජුගල්බන්දි මගින් ඉන්දියාවේ ඩිජිටල් ප්‍රවේශය ප්‍රදර්ශනය කිරීමක් බව විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment