තුවාලවලට වැසි ජලය වස විසය

193

අධික වැසි ඇදහැලීම නිසා හටගත් ගංවතුරට බොහෝ ප්‍රදේශ යට විය. මෙලෙස යටවූ ප්‍රදේශවල ජලය බැස යෑමට දින කිහිපයක් ගතවේ.

මෙවැනි වැසි ජලයට නිතර දෙපා තෙමුණ විට තුවාල හට ගන්නා බව පවසති. එසේම තුවාලවලට මෙම වැසි ජලය වස හා සමාන බවද සඳහන් කරති.

වැසි ජලය තුවාවලට බලපාන හැටි

වැසි ජලය, ගංවතුර වැනි අපිරිසිදු ජලය නිතර දෙපා තෙමීම නිසා ඇඟිලි කරු අතර සහ යටිපතුලේ තුවාල හට ගත හැකිය.

එසේම දැනට පවතින තුවාල වැසි ජලය හෝ ගංවතුරට තෙමීම නිසා එම තුවාල ආසාදනයට ලක්විය හැකිය.

අලුතින් තුවාල හට ගැනීම

වැසි ජලය හෝ ගංවතුර සමග මළ අපද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය, කාබනික හෝ අකාබනික බැර ලෝහ වර්ග මිශ්‍රවී තිබේ. එනිසා වැසි ජලය හෝ ගංවතුර යනු වස විස සහිත ජලය ලෙස සලකනු ලබයි. එනිසා මෙවැනි ජලයට දෙපා තෙමුණ විට සබන් ගා පිරිසිදු ජලයෙන් සෝදා හැරිය යුතුය. එසේ නොමැතිව එම වතුර පිසදා හැරීම පමණක් නොකළ යුතුය.

හොඳින් පිරිසිදු ජලයෙන් සෝදා හැරීම නොකළහොත් එම ජලයේ ඇති වස විස ඇඟිලිකරු අතර රැඳී තුවාල හටගත හැකිය. සාමාන්‍යයෙන් අප ඇඟිලිකරු කුණුවීමට ලක් වන්නේ යැයි කියා පවසන්නේ මෙවැනි අවස්ථාවකදීය.

පවතින තුවාලවලට බලපෑම

පවතින තුවාල වැසි වතුරට හෝ ගංවතුරට තෙමුණහොත් වහාම වෛi ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. එසේම එම තුවාල තෙමුණේ බෙහෙත් දමා වෙලුම් පටිවලින් ආවරණය කර හෝ ප්ලාස්ටර් දමා ඇති විට නම් වහාම ඒවා ඉවත් කළ යුතුය. මන්දයත් තුවාලයක් බොන වතුරට වඩා වැසි වතුරට තෙමුණහොත් භයානකය.

ගංවතුරට කොටුවී ඇතිවිට

ගංවතුර ගැලීම නිසා ඇතැම් මාර්ග යටවීමෙන් ගමනා ගමනයට බාධා ඇතිවේ. එවිට තුවාලවලට ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට නිසි දිනට ප්‍රතිකාර සඳහා වෛi සායනයට යෑමට නොහැකි වේ. එවැනි අවස්ථාවකදී වෛi උපදෙස් මත තුවාලයට ප්‍රතිකාර ලබාගැනීම කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය ආලේප වර්ග, ප්ලාස්ටර්, වෙලුම් පටි, ගෝස් ආදිය ලබාගත යුතුය.

මෙලෙස කටයුතු නොකළහොත් ගංවතුර බැස ගිය පසු දෙපාවල ඇඟිලිකරු කුණුවීම, පවතින තුවාලවලට විෂබීජ ආසාදනය වීමෙන් දරුණු තත්ත්වයට පත්වීම සහ නිසි ලෙස ප්‍රතිකාර නොලැබීම නිසා සුව වීමට කල්ගත වීම ආදිය සිදුවේ.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0778899021 ඇමැතිය හැකිය.

තුවාලවලට වැසි ජලය වස විසය

තුවාල ප්‍රතිකාර සම්බන්ධ
පශ්චාත් උපාධිධාරී
වෛද්‍ය ගයාන් ජයකොඩි
(MBBS, MSC)
වුන්ඩි වුන්ඩ් ඉනෝවේෂන්, තුවාල ප්‍රතිකාර මධ්‍යස්ථානය, රද්දොළුගම.

advertistmentadvertistment
advertistmentadvertistment