වෙනදාටත් වඩා වාහන මොනරාගලට එයි

196

කොරෝනා රෝගය සීඝ‍්‍රයෙන් පැතිරයෑම වළක්වාලීමේ අරමුණෙන් රජය ක‍්‍රියාත්මක කර ඇති නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මොනරාගල නගරයට රථ වාහනවලින් විශාල පිරිසක් පැමිණෙන අයුරු දක්නට ඇත. මේවන විට මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් කොවිඞ් 19  රෝගීන් 16,000 ආසන්න පිරිසක් හමුවී ඇති අතර පුද්ගලයින් 115 දෙනෙකු මියගොස් ඇත. මෙම තත්ත්වය අවබෝධ කර නොගත් පිරිස් නගරයට පැමිණීම කොවිඞ් 19 වෛරසය පැතිරී යෑමට හේතුවී ඇති බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති. මෙම තත්වය පාලනය කිරීමට පොලිසිය මහත් පරිශ‍්‍රමයක් දරමින් සිටිති. ඡායාරූපයෙන් දැක්වෙන්නේ මොනරාගල නගරය පුරා වාහන ගමන් කරන අයුරුයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment