දකුණේ  සමුපාකාර සමිති  09ක පාලනය කොමසාරිස් යටතට

348

දකුණු පළාතේ විවිධසේවා සමුපාකාර සමිති 09ක පාලන බලය සමුපාකාර කොමසාරිස්වරයා යටතට පවරාගෙන ඇති බැව් දකුණු පළාත් වැඩබලන සමුපාකාර කොමසාරිස් චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය සදහන් කළාය . ඒ නියමිත කාලය තුල නිලවරණ නොපැවැත්විම හේතුවෙනි .

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, කඹුරුපිටිය, බෙරලපනාතර, කොටපොල , දික්වැල්ල, දෙවිනුවර, හක්මන, යන විවිධසේවා සමුපාකාර සමිති සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල හා බෙලිඅත්ත යන විවිධසේවා සමුපාකාර සමිති නියමිත කාලය තුල නිලවරණය නොපැවැත්විම නිසා එවායේ පාලනය සමුපාකාර කොමසාරිස්වරයා යටතට පත්කොට ඇති බවද ඇය සදහන් කළාය.

මෙකි සමුපාකාර සමිති විසින් දිගින් දිගටම සමුපාකාර නිලවරණය නොපවත්වා පවත්වාගෙන යාම හේතුවෙන් 2019 අංක 06 දරණ සමුපාකර ප්‍රඥප්තිය යටතේ පැවරි ඇති බලතල ප්‍රකාරව එම සමුපාකාර සමිතිවල පාලනය පවත්වාගෙන යාම සදහා පාලක මණ්ඩලයක් පත්කොට ඇති බවද වැඩබලන සමුපාකාර සංවර්ධන කොමසාරිස්වරිය පැවසුවාය. මෙකි විවිධ සේවා සමුපාකාර සමිතිවල පාලක මණ්ඩලය සදහා සමුපාකාර සංවර්ධන නිලධාරියකු හා වෘත්තිකයින් දෙදෙනෙකු පත්කොට ඇති බව ද ඇය සදහන් කළාය.

දුර්වල මුල්‍ය පාලනය හා මුදල් අවභාවිතා කිරිම සම්බන්දයෙන් මෙකි සමුපාකාර සමිතිවලට චෝදනා එල්ලවි ඇත.


advertistmentadvertistment