ශ්‍රී ලාංකීය ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයේ මුදුන්මල්කඩ බඳු වෝග් ජුවලර්ස්, දශක 6 ඉක්ම වූ සිය සේවා කාලය පුරා පෙනී සිටින්නේ විශ්වාසය සහ විශිෂ්ටත්වයේ ප්‍රමුඛ සංකේතයක් වශයෙනි. තම ස්වර්ණාභරණ නිපැයුම් කෙරෙහි නිරතුරු පවත්වාගෙන යනු ලබන නිර්මාණශීලීත්වය, විශිෂ්ට ගුණාත්මකභාවය සහ නවතාවයත්, පාරිභෝගික තෘප්තිය සහ සේවාව අරබයා වන විශිෂ්ට කැපවීමත් නිසා පරම්පරා ගණනාවක ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයේ ම හද දිනූ ස්වර්ණාභරණ නාමය බවට වෝග් ජුවලර්ස් පත් වී හමාර ය.
විචිත්‍රවත් ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයේ අද්විතීය පුරෝගාමියා වන වෝග් ජුවලර්ස් නිරතුරු එහි නිම්වළලු පුළුල් කරමින් පාරිභෝගික හදවත් තුළ විරාජමාන වන්නේ චමත්කාරජනක නිමැවුම් සමූහයක් සමඟිනි. විශිෂ්ට ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිමැවෙන සෑම ආභරණයක් ම ඊට ආවේණික පරිපූර්ණත්වයකින් ඔප් නැංවෙන්නේ වෝග් සන්නාමයේ උත්තරීතරත්වය ආරක්‍ෂා කරමිනි. වෙසෙසින් ම, සුපිරිසිදු කැරට් 22 රනින් නිමවන ලද රන් ආභරණ සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලාංකිකයන් විසින් කාලාන්තරයක් පුරා සිය විශ්වාසය තබා ඇත්තේ ඕනෑම අවස්ථාවකට ගැලපෙන සේ විවිධ හැඩතල අනුව නිර්මාණය කර ඇති වෝග් ජුවලර්ස් රන් ආභරණ කෙරෙහි ය. ඒවා එතරම් ම ලාලිත්‍යයෙන් සහ ස්වර්ණාභරණයක තිබිය යුතු සුමට බවින් යුක්ත වීමත් පාරිභෝගික ආකර්ෂණය ඉහළින් ම දිනීමට හේතු වී ඇත.
ඉහත කාරණාවලට අමතරව වෝග් ජුවලර්ස් හි විජයග්‍රහණයට හේතු වන තවත් සුවිශේෂී කරුණක් වන්නේ පාරිභෝගික සේවා සම්බන්ධයෙන් දක්වන්නා වූ පෘථුල කැපවීම යි. වෝග් ජුවලර්ස් හි ආරම්භක සභාපති ධුරන්දර සරත් හේමචන්ද්‍ර මැතිතුමා ඉතා දූරදර්ශී ව්‍යාපාරික චින්තනයක් සහිතව මෙම ව්‍යාපාරය ආරම්භ කළේ විශිෂ්ට මූලධර්ම සමුදායක් මතය. එම නිසා සේවා විශිෂ්ටත්වයෙන් ද ක්‍ෂේත්‍රයේ ඉදිරියෙන් ම සිටීමට වෝග් ජුවලර්ස් සමත් වී ඇත්තේ ය. කීර්තිමත් TripAdvisor Travelers’ Choice සම්මානයෙන් වෝග් ජුවලර්ස් නොකඩවා වසර 4ක් පුද ලැබීම විසින් කියා පාන්නේ ද සේවා විශිෂ්ටත්වය පිළිබඳ ඔවුන් දක්වන විශේෂඥභාවය සහ සමත්කම යි.
එසේ ම, වෝග් ජුවලර්ස් සේවා පිළිබඳ තෘප්තිමත් වූ විවිධ මට්ටමේ පාරිභෝගික ජනතාව විසින් සමාජ මාධ්‍ය ජාල පුරා තම අත්දැකීම් පිළිබඳ දක්වා ඇති ධනාත්මක ප්‍රතිචාරවලින් කියා පාන්නේ ද විශ්වසනීය සහ පාරිභෝගික කේන්ද්‍රීය රන් අභරණ නිර්මාණකරුවකු වශයෙන් වෝග් ජුවලර්ස් ලබා ඇති කීර්තිය සහ ප්‍රසාදය යි. ආයතනයට ඇතුළු වීමේ සිට රන් අභරණ තෝරා ගැනීම දක්වා වූ ක්‍රියාවලිය තුළ දී වෝග් ජුවලර්ස් පාරිභෝගික සේවා නිලධාරීන් සහ නිලධාරිනියන් විසින් ඔවුනට දක්වන විශිෂ්ට සහාය අනභිබවනීය බව යි. ශ්‍රී ලංකාවේ ප්‍රවීණ වෘත්තීයමය පුහුණුකරුවකු වන ධම්මික කල්පගේ මහතා යටතේ වෝග් ජුවලර්ස් පාරිභෝගික සේවා කාර්ය මණ්ඩලය ලද විශේෂ පුහුණුව එම ගෞරවය ලැබීම සඳහා මහෝපකාරී වූ බවය. සෑම වෝග් ජුවලර්ස් ස්වර්ණාභරණයක් සඳහා ජීවිත කාලය පුරාවට ම ලැබෙන වගවීම ද වෝග් ජුවලර්ස් කෙරේ පාරිභෝගික විශ්වාසය තදින් ම සනිටුහන් වීමට හේතු වී ඇත. එසේ ම, විශිෂ්ට ප්‍රමිතිය සහ ශිල්පීය නිපුණතාව වෝග් නිමැවුම් කෙරේ ඉහළින් ම පැවතීම ද පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමෙහිලා ඉවහල් වී ඇත. තම නිෂ්පාදනවල පවතින උසස් නිර්මාණශීලීත්වය, ශිල්පීය නිපුණතාව සහ අති විශිෂ්ට ගුණාත්මකභාවය නොවෙනස් ව පවත්වා ගෙන යෑම වෙනුවෙන් වූ කැපවීම යන කාරණාවලට අමතර ව, රන් ආභරණ ක්‍ෂේත්‍රයට අදාළ විශිෂ්ටත්වයේ නිම්වළලු පුළුල් කිරීමට වෝග් ජුවලර්ස් තුළ ඇති කැපවීම වෙනුවෙන් දිනා ඇති දේශීය සහ ජාත්‍යන්තර සම්මාන ද බොහෝ ය. වෝග් ජුවලර්ස් ස්වර්ණාභරණ මාලාවේ පාදම වන්නේ ඒවායෙහි පවත්නා ඉහළ ගුණාත්මකභාවය යි. ඉතා කුඩා ආභරණය පවා අදාළ තත්ත්ව පාලන ක්‍රමවේද ඔස්සේ ගමන් කරන්නේ වෝග් ජුවලර්ස් කළමනාකාර අධ්‍යක්‍ෂ අනුර හේමචන්ද්‍ර මහතාගේ පෞද්ගලික අධීක්‍ෂණය යටතේ ය. වෝග් ජුවලර්ස් ස්වර්ණාභරණ සඳහා එවන් අවධානයක් යොමු කරන්නේ ලොකු කුඩා සෑම ආභරණයක ම තිබිය යුතු විශිෂ්ට ගුණාත්මකභාවය සුරකිනු සඳහා ය. විශිෂ්ට වෝග් සාම්ප්‍රදාය සහ වෝග් උරුමය සුරකිමින් ඉහළ ම තත්ත්වයේ ගුණාත්මක සහ නිර්මාණාත්මක ස්වර්ණාභරණ පාරිභෝගිකයා අතට පත් වන්නේ ඉහත කරුණු ඉහළින් ම පිළිපැදීම හේතුවෙනි.
Home ගණුදෙනු ලොව ඉරිදා සංග්‍රහය ගණුදෙනු ලොව දශක හයක් පුරා දිවෙන අද්විතීය රන් අභරණ නිමැවුම් දාමයක විශිෂ්ටත්වය වෝග් ජුවලර්ස්