දහම්ට නාමල්ගෙන් ඇරයුම්

2464

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාට තමන් සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීම සඳහා ආරාධනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය මැතිවරණවලදී ද දහම් සිරිසේන මහතාට පොදු ජන පෙරමුණ සමග එක්ව කටයුතු කිරීමට ඇරයුම් කර තිබිණි. ඒ සඳහා ඉදිරි දේශපාලන කටයුතු ශක්තිමත්ව කරගෙන යෑම අරමුණ වී ඇති බව එම දේශපාලන ආරංචි මාර්ග කියයි.

එම යෝජනාව පිළිබඳව දහම් සිරිසේන මහතාගේ කැමැත්ත අකමැත්ත පිළිබඳව මෙතෙක් ප්‍රකාශයක් කර නොමැති අතර ඉදිරියේදී ඒ පිළිබඳව බොහෝදුරට හෙතෙම තීරණයක් ගනු ඇතැයි පැවසේ.

මේ අතර පසුගියදා බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අබියස පැවති රණවිරු උපහාර උලෙළේදී නාමල් සහ දහම් එක්ව උපහාර පුද කළ අයුරු දක්නට ලැබිණි.

අරුණ බෝගහවත්ත


advertistmentadvertistment