දැරියක් ඝාතනය කළ මහප්පා එල්ලුම් ගස්

304

පවුල් ආරවුලක් හේතුවෙන් වසර 11කට පෙර ලුණුගම්වෙහෙර උනාතුවැව ප්‍රදේශයේදී 12 හැවිරිදි දැරියක ඝාතනය කිරීමේ වරදට වරද කරු වු 44 හැවිරිදි පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා විසින් ඊයේ (31) සවස මරණීය දණ්ඩණය නියම කෙරුණි. මෙලෙස මරණීය දණ්ඩණය නියම වුයේ ඝාතනයට ලක් වු දැරියගේ අක්කාගේ සැමියා වන අංක 78,බිසෝකොටුව,කොළඹගෙආර,උඩවලව ලිපිනයේ පදිංචි 44 හැවිරිදි මාවෙලගේ සංජීව රාජපක්ෂ නැමති පුද්ගලයාය.


advertistmentadvertistment