දැරිය අපහරණය කළ සැකකරුවෝ හයදෙනා යළි රිමාන්ඞ්

305

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් සමූහ වශයෙන් දූෂණය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත්කළ සැකකරුවන් 6 දෙනාම පෙරෙට්ටුවේ දී හඳුනාගත් අතර සියළු සැකකරුවන් ලබන මස 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කන්තලේ දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් තිෂානි තේනබදු මහත්මිය නියෝග කළාය.
 
සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවන් තිදෙනෙකු ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කරන ලෙසද මහෙස්ත‍්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.
 
රිමාන්ඞ් කරන ලද්දේ කන්තලේ පොලිස් බල ප‍්‍රදේශයේ පදිංචි වයස අවු. 19-55 දක්වා වයස් කාණ්ඩ වල පුද්ගලයන් හයදෙනෙකි.
 
ඉකුත් ජූනි 29 දින කුරුණෑගල පොලිසියෙන් කන්තලේ පොලිසියට දැනුම් දී ඇත්තේ දැරියක් පැහැර ගෙන ගොස් පිරිසක් කන්තලේ ප‍්‍රදේශයේ දී දූෂණය කොට ඇති බවට පුවතක් පිළිබඳව විමර්ශණය කරන ලෙසටයි.
 
ඒ අනුව කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝහණ වනිගසේකර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් හා කාන්තා කාර්යංශයේ නිලධාරීන්ගේ සහයද ඇතිව පැති කීපයක් ඔස්සේ දිවා රාත‍්‍රි කරන ලද මෙහෙයුමක ප‍්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබුණි.
 
සහකාර පොලිස් අධිකාරි රෝහණ වනිගසේර මහතාගේ දැඩි අධීක්ෂණය හමුවේ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එම්. පී. බී. විජේසිරි මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම සමග ළමා හා කාන්තා කාර්යංශය හඳුනා ගෙන ඇති අනෙක් තිදෙනා අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

 කන්තලේ – ඩබ්. එම්. වික‍්‍රමසිංහ


advertistmentadvertistment