දුබල මිනිස් ජීවිත දීප්තිමත් කිරීමට ශුද්ධ වූ බයිබලයෙන් කදිම අත්වැලක්

63

ශුද්ධ වූ බයිබලය ලෝ පුරා විසිරී පැතිරී සිටින සුවහසක් කිතුනුවන්ගේ සදා ගෞරවාදාරයට පාත්‍ර වූ අතිශය පූජනීය ග්‍රන්ථයක් බව අවිවාදයෙන් පිළිගැනෙයි. මෙය වඩාත් වැදගත් වන්නේ විශ්ව කාලීන යන විශේෂණයෙන් හඳුන්වන නිසා ය. මෙම උත්කෘෂ්ඨ ග්‍රන්ථය අවුරුදු එක්දහස් දෙසීයක් පමණ කාලයක් තුළ කර්තෘවරුන් 60 දෙනෙකුගෙන් පමණ විසින් ලියන ලදී. මෙම ග්‍රන්ථය භාෂා 260 කට පමණ පරිවර්තනය වී තිබීමෙන් මෙහි අගය තේරුම් ගත හැකියි.

ශුද්ධ වූ බයිබලයේ තේමාව ලෙස ‘ජරාවට හා මරණයට භාජන වූ මිනිසාට විමුක්තිය ලබා ගත හැක්කේ කෙසේද?’ යන්න සැලකේ. එම ප්‍රශ්නයට ශුද්ධ වූ බයිබලය දෙනු ලබන පිළිතුර නම් අජරාමර දෙවියන් වහන්සේට සම්බන්ධ වීමෙන් ජරාවට මරණයට භාජන වූ මිනිසාගේ විමුක්තිය සැලසෙන බවයි.

පුරාණ ගිවිසුම හා නව ගිවිසුම යනුවෙන් කොටස් දෙකකින් යුතු වන ශුද්ධ වූ බයිබලය නමැති මේ මහා ග්‍රන්ථය අපේ ජීවිතවලට ලබාදෙන ‘දීප්තිය’ අති මහත් ය. මෙම ලිපියෙන් මා අදහස් කරනුයේ පැරණි ගිවිසුමට අයත් ග්‍රන්ථ කිහිපයකින් අප ජීවිතවලට දෙනු ලබන ආලෝකය තීව්‍ර කිරීමයි. මෙහි අඩංගු වන බොහෝ දේ ආගම් භේදයකින් තොරව වුවද සැලකිල්ලට ගත හැකි අතර සමහර දේ අදාළ වන්නේ ක්‍රිස්තු භක්තිකයන්ට පමණය. එහෙයින් මෙයින් කාගේත් ජීවිතවලට යම් ආකාරයක ‘මහිමය’ක් උදාකර ගත හැකි යැයි අපට හැඟේ.

ප්‍රඥා සම්පත සොයා ගන්නා වූ ඥාන සම්පත හිමිකර ගන්නා වූ මිනිසාගේ වාසනාවක මහත එයින් ලැබෙන යස ඉසුරු ඉදිරියටත් තනි රත්තරනටත් වඩා අගනේය. ප්‍රඥාව රතු කැටවලට වඩා අගනේය. ප්‍රඥාව රතු කැටවලට වඩා අගනේය. ඔබේ සිත්ගන්නා කවර දෙයක් වුවද එයට සම කළ නොහැකිය. දීර්ඝායු ප්‍රඥාවේ දකුණතෙහිය. ධන සම්පත් හා කීර්තිය ඇගේ වමතෙහි ය (හිතෝපදේශ 3:13 – 16)

ප්‍රඥාව නොහොත් ඥාන සම්පත හිමිකර ගැනීම සඳහා පාසල් යන දරුවාගේ පටන් වයෝවෘද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා සෑම තරාතිරමකම අය එදත් වෑයම් කළහ. අදත් වෑයම් කරති. ප්‍රඥාව ‘රතුකැට’ වලට වඩා අගනේ යැයි අපට පහදා දෙන හිතෝපදේශ එහි වටිනාකම පෙන්වා දීමට උදාහරණ ගෙනහැර දක්වන අයුරු අපූරුය.

නපුරක් නොකළොත් සුදනන්ට නින්දක් නොමැත. යමෙකු පාගා නොදැමුවොත් ඔවුනට නින්දක් නැත. කුරිරුකම ඔවුන්ගේ ආහාරය වේ. සැහැසිකම ඔවුන්ගේ පානය වේ. එහෙත් දැහැමියන්ගේ මාවත උදේ පායන හිරු මෙන් ය. එය මධ්‍යහ්න දක්වා දීප්තියෙන් වැඩිවේගන යයි. දුදනන්ගේ මඟ ඝන අදුරින් වැසී ඇත. තමන් කුමක පැටලෙත්දැයි ඔවුහු නොදනිති. (හිතෝපදේශ 5:16:19)

සී. ආර්. ඩික්සන් ඇන්ටනි
රාගම විශේෂ

දුබල මිනිස් ජීවිත දීප්තිමත් කිරීමට ශුද්ධ වූ බයිබලයෙන් කදිම අත්වැලක්
advertistmentadvertistment
advertistmentadvertistment