දුම්රිය හිතුවක්කාරයි: ජනතාව නන්නත්තාරයි!

307

වැරදි පාරේ ගිය රියැදුරුට විනය පරීක්‍ෂණ එපා කියා හදිසි දුම්රිය වර්ජනයක්
පරීක්‍ෂණ නතර කළ පසු කෝච්චි දුවයි

නඩත්තු කටයුත්තකට දුම්රියක් අංගණයට ධාවනය කරමින් තිබියදී එය නවත්වන සීමාවෙන් ඔබ්බට ධාවනය කරවූ දුම්රිය රියැදුරකුට එරෙහිව විනය පරීක්‍ෂණ නොකරන ලෙසට බල කරමින් ඊයේ (27 වැනිදා) දහවල් හදිසියේම දුම්රිය වර්ජනයක් ආරම්භ කෙරිණි.

මෙම වර්ජනය හේතුවෙන් ඊයේ (27 වැනිදා) දහවල් පාසල් දරුවන් මෙන්ම මගීන්ද දැඩි අපහසුතාවට පත් කරමින් දුම්රිය කිහිපයක්ම අවලංගුවී තිබුණි. ඇතැම් දුම්රිය ප්‍රමාදවී ධාවනය කරවන්නට විය.

රියැදුරට නින්ද යෑම නිසා දුම්රියක් මාර්ගයෙන් ඉවට ගොස් අංගණයේ ගොඩනැඟිල්ලක් ද සුණු විසුණු කොට ධාවනය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර රියැදුරට හා සහායාකට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර වර්ජන තර්ජනය හමුවේ විනය පරීක්‍ෂණය නවතා දැමීමට පාලනාධිකාරිය එකඟවී ඇත. මේ හේතුවෙන් වර්ජනය පැයකට පසු නතර කර දැමූ බව වෘත්තීය සමිති නියෝජිතයෙක් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment