පරිසර අමාත්‍යාංශය යටතේ ඇති භූ විiා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අනුබද්ධ ටෙක්නිකල් සර්විසස් සමාගමේ සේවය කරමින් මූල්‍ය වංචා දූෂණ අක්‍රමිකතා රැසක් සිදුකිරීම හේතුවෙන් සේවයෙන් පහකරන ලද තාක්ෂණ නිලධාරියකු කෙහෙළිය රඹුක්වැල්ල මහතා එදා පරිසර අමාත්‍ය ධුරය භාර ගැනීමත් සමග විධිමත් විමර්ශනයකින් තොරව ලැබුණ දුරකථන ඇමතුමකින් අනීතිකව නැවත සේවයට බඳවා ගෙන ඇති බවට පරිසර අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
අදාළ නිලධාරියාගේ පෞද්ගලික ලිපිගොනුවේ ‘ගරු විෂයභාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දුරකථනයෙන් සිදුකරන ලද ඉල්ලීම අනුව නැවත සේවයට බඳවා ගනිමි’ යනුවෙන් සටහනක් තබා ඇති අදාළ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයා එදින සිටම එම නිලධාරීන් සේවයට බඳවාගෙන ඇති අතර වැඩ තහනම් කර තිබූ කාලයට අදාළව හිඟ වැටුප් ගෙවීමටද කටයුතු කර ඇති බවත් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.
අදාළ වැඩ තහනමට ලක්වූ නිලධාරියා ඍජුවම අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට මෙන්ම CIB II 366/135 පැමිණිලි අංකය යටතේ විල්ගමුව පොලිසියේ පැමිණිලි කර ඇති බවත් ලොරි රථ හිමිකරුවකුට මරණ තර්ජන කිරීමක් සම්බන්ධයෙන්ද එම නිලධාරියාට විරුද්ධව පැමිණිලි ඇති බවටත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
එමෙන්ම රාජ්‍ය දේපොළක් ලෙස ආයතනය සතු යතුරුපැදියක් සොරාගැනීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇති බවත් ඒ පිළිබඳව අභ්‍යන්තර විමර්ශනයක් සිදුකෙරෙන අතර ඊට අදාළව ද පොලිසියේ පැමිණිලි කොට ඇති බවත් එම ආරංචි මාර්ග අනාවරණය කළ අතර කින්නියා ප්‍රදේශයේ මහවැලි ගඟේ පරෙයිපලඤ්ඤං වැලි කැණීම් ව්‍යාපෘතියේ ස්ථානභාර නිලධාරියා ලෙස සිටිමින් එම ස්ථානයේ ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට යැයි කියමින් වංචනිකව ලියකියවිලි සකසා රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචාවක් සිදුකර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
එම ව්‍යාපෘතියේම වැලි පැටවීම් කම්කරුවන් මගින් සිදුකර ලෝඩර් රථ මගින් පැටවූවා යැයි ව්‍යාජ ලිපි ලේඛන සකස් කොට එහිදීද විශාල මුදල් වංචාවක් සිදුකර ඇති බවත් ඒ පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළ අතර ඉදිරියේදී මේ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් භූ විද්‍යා සමීක්ෂණ හා පාතල් කාර්යාංශයේ සභාපතිවරයාට පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙන්ම විෂයභාර අමාත්‍යවරයාට හා ජනාධිපතිවරයාට ද සියලු තොරතුරුද සමගින් පැමිණිලි කරන බවද වැඩිදුරටත් අනාවරණය කළේය.