බුදුදහමේ දුක්ඛ සත්‍යය සහ ‘හැම්ලට්’ නාටකයේ සියුම් තැන්

257

සිය අධ්‍යාත්මික ප්‍රඥාව අනුව ෂේක්ස්පියර් නිර්මාණය කළ ‘හැම්ලට්’ නාටකයේ සියුම් තැන් බුදුදහමේ දුක්ඛ සත්‍යය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට උපකාර වූ ආකාරය ගැන ඇමෙරිකානු කිවිඳියක වන ලෝරන් ෂුෆ්රන් හෙළිදරව්වක් කර තිබේ. ඇය එහි දී මෙසේ පවසයි.

මම ලෝක ආගම් පිළිබඳ සම්පූර්ණ සමීක්ෂණයක් සිදුකර නැත්තෙමි. එහෙත්, ‘එහි සිටින්නේ කවුද?’ යන ප්‍රශ්නයේ කිසියම් අදහසක් ඇතැයි මම සැක කරමි. සෑම අධ්‍යාත්මික සම්ප්‍රදායක් ම පිළිතුරක් ලබාදීමට උත්සාහ දරන අවසාන විමර්ශනයකි. එය නිසැකව ම බෞද්ධ හා හින්දු දර්ශනවල ද මූලික විමර්ශනය වේ. ශ්‍රී රමණ මහර්ෂි නම් ශ්‍රේෂ්ඨ හින්දු සෘෂිවරයා ද, ‘නාන් යාර්?’ (මම කවුද?) යන්න ආත්මභාවය පිළිබඳ සැබෑ අවබෝධයක් ලැබීමේ දොරටුව ලෙසින් ඉගැන්වී ය. ෂේක්ස්පියර්ගේ ‘හැම්ලට්’ නාට්‍යයේ ආරම්භක පෙළ වන්නේ ද, එවන් විමසීමකි. එනම්, ‘කවුද එතන?’ යන්න ය.

ෂේක්ස්පියර්ගේ ශ්‍රේෂ්ඨතම කෘතියක් පිළිබඳව විවේචනාත්මක විමර්ශනයක යෙදෙනවාට වඩා මෙමගින් ඔහුගේ අධ්‍යාත්මික ජීවිතය පිළිබඳ ප්‍රශ්නයට වැඩි අවධානයක් යොමුකරන්නට මම අදහස් කරමි. එසේ ම, එය සදාකාලික කීර්තිමත් ලේඛකයෙකුගේ සාරවත් හමුවීමක් ද වන අතර, වසර දෙදහස් පන්සිය හැට හයක් පැරණි බෞද්ධ පිළිවෙත පිළිබඳව සැලකිලිමත් ලෙස අවධානය යොමු කිරීමට ලැබෙන අවස්ථාවක් ද වේ.

බුදුදහමේ දුක්ඛ සත්‍යය සහ ‘හැම්ලට්’ නාටකයේ සියුම් තැන්

මීට වසර දහයකට පමණ පෙර මම භාවනාව පිළිබඳව දැන ගත්තේ, පූර්ව නූතන බි්‍රතාන්‍ය සාහිත්‍යය පිළිබඳ ආචාර්ය උපාධි නිබන්ධනයක වැඩ කරමින් සිටිය දී ය. මේ අතර මම ෂේක්ස්පියර් පිළිබඳ උපාධි පාඨමාලාවක ඉගැන්වීමේ ද නිරතව සිටියෙමි. එනිසා ම, ෂේක්ස්පියර් සහ ඔහුගේ අධ්‍යාත්මික භාවිතය අතර අනුනාදයන් ඇතුළත් ‘ෂේක්ස්පියර්ගේ ධර්මය’ ලෙස මා සිතන දේ පිළිබඳව මාගේ අවධානය තියුණුවීමට පටන් ගත්තේ ය.

මා එසේ සිතන්නේ මන්දැයි පැහැදිලි කිරීමට හේතු රාශියක් ඔබට පෙන්වා දෙන්නට මට හැකියාව තිබේ. නාට්‍යකරුවෙකු වීමට පෙර ෂේක්ස්පියර් නළුවෙකු වූ නිසා ඔහුට සියලු ආකාරයේ අත්දැකීම් සඳහා ඉඩ සලසන අභ්‍යවකාශය තරම් පුළුල් මනසක් ලැබුණු බව මට පෙන්නා දිය හැකි ය.

සෑම රැයක ම ‘තමාගෙන් තමා ම හිස්කර ගැනීමේ’ භාවනානුයෝගී ක්‍රියාවලියේ දී අපගේ දුක් වේදනාවල දුක්ඛ මූලය ලෙස බුදුදහම තේරුම් කරදෙන දෙය ෂේක්ස්පියර් වටහා ගැනීමට පටන් ගත්තේය. එනම්, අප ස්ථිර පුද්ගලයන් යැයි තදින් විශ්වාස කරමින් ඉතා ඕනෑකමින් කටයුතු කරන තාවකාලික පුද්ගලයන් සහ තාවකාලික නළුවන් ය යන්න ය.

මානව ආත්මභාවය සහ අධ්‍යාත්මික භාවිතය සඳහා රූපකයක් ලෙස භාවිත කරන රංග ශාලාව පිළිබඳ දිගු ඉතිහාසයක් මට පෙන්වා දිය හැකි ය. ඇමෙරිකානු අධ්‍යාත්මික ගුරුවරයෙකු වන රාම් දාස් අධ්‍යාත්මික කටයුතු ගැන විස්තර කරන විට ඔබගේ මුළු ජීවිතය ම ආත්මයක් බවත්, නාට්‍යය යනු ඔබේ පිබිදීමේ පිටපතක් වන අතර, ඔබ යනු නාට්‍යයට වඩා වැඩි යමක් බවත් ඔබට වැටහෙනු ඇත.

ෂේක්ස්පියර්ට අනුව ‘මුළු ලෝකයම එකම වේදිකාවකි. එහි සිටින අප සියලු දෙනා නළුවන් ය.’

ෂේක්ස්පියර් එක් පසෙකත්, බුදුන් වහන්සේ අනෙක් පසත් තබා මට මෙසේ පැවසිය හැකි ය. ෂේක්ස්පියර්ගේ කාලයේ සිටි ඕනෑ ම ලේඛකයකුට වඩා මිනිස් සිතේ අභ්‍යන්තරය සහ දුක් වේදනා නිරූපණය කිරීමට ෂේක්ස්පියර්ට හැකියාව තිබුණි. එසේ ම, එම දුකෙන් අප නිදහස් කරන්නේ කෙසේද යන්න ද ඔහු තේරුම් ගෙන සිටියේ ය.

මා ගුරුවරයකුගේ භූමිකාව ඉටුකරමින් සිටි වසර කිහිපය තුළ ෂේක්ස්පියර් සහ ඔහුගේ අධ්‍යාත්මික රංග කාර්යයන් හි වඩාත් වැදගත් දෙයක් ඉස්මතු වනු මම දුටිමි. එය වඩ වඩා අවබෝධ කරගත් මම ෂේක්ස්පියර්ගේ භාෂාව හොඳින් ඉගෙන ගන්නා ලෙස මගේ සිසුන්ගෙන් ඉල්ලා සිටියෙමි.

එම ප්‍රබල යොමුකිරීම ඔවුන්ගේ ජීවිතයේ අනෙකුත් පැතිවලට ද ගැඹුරු බලපෑමක් සිදුකළ බව මට අවබෝධ වී ය. ඔවුන් තම පන්තියේ මිතුරන්ට සවන් දුන් ආකාරය, කතා කරන විට වඩාත් ප්‍රවේශමෙන් තමන්ගේ ම වචන තෝරා ගැනීමට පටන් ගත් ආකාරය, වාක්‍ය ඛණ්ඩ අතර විරාම ගැන්වූ ආකාරය, කතා කිරීමට යන වචන වඩාත් සත්‍ය බව තමන් විසින් ම තහවුරු කරගත් ආකාරය මට හොඳින් නිරීක්ෂණය වීය. ඔවුන්ගේ අවධානය සම්පූර්ණයෙන් වෙනස් වී තිබිණි. එක්තරා විදිහකට එය ආදරයේ කිසියම් ආකාරයකි. කාලයාගේ ඇවෑමෙන්, අපගේ පන්ති කාමරයේ සංවාදයට ගැනෙන ප්‍රශ්න පිළිබඳ වෙනසක් ද මම නිරීක්ෂණය කළෙමි. ඒවා නම්, ‘ෂේක්ස්පියර් භාෂාව සමඟ කරන්නේ කුමක් ද?’, අප ‘මිනිස් නළුවන් ලෙස සිටින්නේ ය යන්නෙන් ෂේක්ස්පියර් අදහස් කරන්නේ කුමක් විය හැකි ද?’

වැනි දෑ ය.

එය පොතක් ලියන්නට තරම් තදින් මට බලපෑ ප්‍රශ්නයකි. අවසන එය ලියැවුණේ The Buddha and the Bard යන නමිනි. බුදුන් වහන්සේගේ අතිවිශිෂ්ට පැවැත්ම, දුක්ඛ සත්‍යය හෝ දුක්ඛ ලක්ෂණ යන ත්‍රිත්වයෙන් එකක් හැම්ලට් ප්‍රතිරාව කරන ආකාරය එහි සඳහන්ව තිබේ.

‘මිනිසා යනු මොනතරම් අපූරු නිර්මාණයක් ද? ඔහු තර්කයෙන් කෙතරම් උදාර ද? බුද්ධි මහිමයෙන් කෙතරම් අසීමිත ද? ස්වරූපයෙන් සහ චලනයෙන් කෙතරම් ප්‍රකාශිත හා ප්‍රශංසනීය ද? ක්‍රියාවෙන් ඔහු දේවදූතයෙකු මෙන් ද, බියෙන් දෙවියෙකු මෙන් ද වේ. ලෝකයේ සුන්දරත්වයත්, සතුන්ගේ පරමාදර්ශයත් ඔහු ය. එතෙකුදු වුවත්, දූවිලි බවට පත්වන මේ පංචස්කන්ධය යනු කුමක් ද?’

  • හැම්ලට්, 2 ජවනිකාව, 2 දර්ශනය පදාර්ථ සෑදී ඇති ආපෝ, තේජෝ, වායෝ, පඨවි ((Water, Fire, Air and Earth) යන පෘථිවි මූලද්‍රව්‍ය හතර මෙන් නොව, ශ්‍රේෂ්ඨත්වය යන්න දිරාපත් නොවන, වෙනස් වීමට හෝ ක්ෂය වීමට භාජනය නොවන දෙයක් බව විශ්වාස කෙරේ.

බෞද්ධ සූත්‍ර, දුක්ඛ සත්‍යයේ කාණ්ඩ තුනක් හඳුනා ගනී. ඒවානම්, වේදනාකාරී අත්දැකීම්වලින් හෝ නුසුදුසු දේ අත්විඳීමෙන් ලැබෙන දුක, ප්‍රීතිමත් අත්දැකීම්වලින් අප පීඩාවට පත් කරන ක්ෂණික දුක සහ සතුට, කොන්දේසි සහිත අත්දැකීම්වලින් හෙවත්, සමස්ත පැවැත්ම පුරා ම පැතිර ඇති මූලික අසතුටුදායක බව නිසා ලැබෙන දුක යනුවෙනි. මෙම තුන්වන කාණ්ඩය සංඛාර දුක්ඛ නම් වේ. අපගේ එදිනෙදා පැවැත්මේ යටි ප්‍රවාහයන් තුළ ඇති සමහර දේ මුළුමනින් ම නිවැරදි නොවන බවට වන එම කරදරකාරී සංවේදනය ඔබට ‘පසුබිම් දුක් වේදනා’ ලෙසට ද ගත හැකි ය. ඇතැමෙකුට අනුව, සංඛාර දුකෙහි මූලයන් හි ඇත්තේ, මේ සියලු දේ තාවකාලික බවත්, දූවිලි බවට පත්වෙමින් තිබෙන ඒවා හරයක් නැති රූකඩ සංදර්ශනයක් බවත් අපගේ යටි සිතට දැනෙන මෙම අනිත්‍යතාව තුළ ය. ජීවිතය පවත්වාගෙන යෑම අඛණ්ඩව නඩත්තු කිරීමෙන් සමහරුනට එය ප්‍රබෝධමත් එකක් බවට පත්වේ.

සමහරුනට තවමත්, සංඛාර දුක දැනෙන්නේ මේ ලෝකයේ සංසිද්ධීන්ගෙන් වෙන්වීමේ ගැඹුරු හැඟීමක් දැනෙන විට ය. එම සංසිද්ධීන් ඇති වන විට ඒවා කෙරෙහි ආකර්ෂණය වීමක් මෙන් ම, පිළිකුලක් අත්විඳීම ද අපගේ ස්වභාවය යි. නැතහොත්, ඒවායේ අවසාන අරුත් සහ අවසාන සත්‍ය සෙවීමේ ඵල රහිත ක්‍රියාවලට යොමුවීම අපගේ ස්වභාවය යි.

ජීවිතය මරණයෙන් නිර්මාණය වේ. බුදුදහම, සියල්ලට පසු – අශුභවාදී ධර්මයක් නොවී – දුක් වේදනා අපගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම හා සතුටින් තුරන් කළ හැකි බව ප්‍රකාශ කරයි. දහතුන්වන සහ දහහතරවන ශතවර්ෂයේ මහා ටිබෙට් ගුරුවරයා වූ රංජුං ඩෝජේ ඔහුගේ ‘බුද්ධ ස්වභාවය පිළිබඳ සංග්‍රහය’ නම් කෘතියෙහි මෙසේ ලිවී ය.

‘සියලු ජීවීන් බුදුන් ය, නමුත්, අහඹු පැල්ලම්වලින් ඔවුන් අඳුරු වී ඇත. ඒවා ඉවත් කළ විට බුදු බව ඇති වේ.’

මෙම The Buddha and the Bard ග්‍රන්ථය මා රචනා කළේ ප්‍රශ්නයක නාට්‍යමය නිරූපණය සහ එයින් මිදීම අතර එළිපත්තේ දී අවදි වූ ශක්‍යතාවලින් මා වශී වූ බැවිනි. ජුලියට්, පොලෝනියස් සහ නික් බොටම්ගේ දේශනවල දී මම බුදුදහමේ අට වැදෑරුම් මාවතේ මූලධර්ම ගැන දැන ගත්තෙමි.

බුද්ධාගමේ චතුරාර්ය සත්‍ය සහ ‘දොළොස්වන රාත්‍රියේ’ ප්‍රඥාව, ‘ජුලියස් සීසර්’ සහ ‘ද ටේමිං ඔෆ් ද ෂ්රූ’ වැනි ඔහුගේ නිර්මාණ අතර අනුනාද මට ඇසුණි. තව ද, සාහිත්‍ය විචාරක හැරල්ඩ් බ්ලූම්ගේ දෝංකාරය ද බොහෝවිට මට ඇසිණි.

ඔහු වරක් ප්‍රකාශ කළේ ෂේක්ස්පියර්, ධර්මය මත එතරම් ස්ථීර ලෙස රැඳී සිටින්නේ කිසිදා අප ඔහුව කියවනවාට වඩා හොඳින් ඔහු අපව කියවන බැවිනි. මෙය සත්‍යය විය හැකි වුව ද, ‘ෂේක්ස්පියර් කියවීම’ වඩා හොඳින් මට බොහෝ දෑ කියවීමට උපකාරී වූ බව විශ්වාස ය.

අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment