දේශපාලන අනුහසින් – ඕඅයිසීලා 152ක් මාරු කිරීම පොලිස් කොමිසම අත්හිටුවයි

568

දේශපාලන අවශ්‍යතා සහ හිතවත්කම් මත පොලිස්පති නිර්දේශයෙන් සිදු කිරීමට ගිය පොලිස් ස්ථානාධිපතිවරුන් එකසිය පනස් දෙදෙනකු ගේ (152) ස්ථාන මාරුවීම් ජාතික පොලිස් කොමිසම මගින් අත්හිටුවා ඇත.

සේවයේ අවශ්‍යතාව මත බව කියමින් පොලිස්පතිවරයා විසින් නිර්දේශ කළ පොලිස් ස්ථානාධිපතිවරුන් එකසිය පනස් දෙදෙනකුගේ ස්ථාන මාරුවීම් ලැයිස්තුවක් ජාතික පොලිස් කොමිසම වෙත පසුගියදා එවා තිබිණි. මෙම ස්ථාන මාරුවීම් සියල්ල පොලිස් කොමිසම විසින් එකිනෙක පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ එම මෙම ස්ථාන මාරුවීම් නිසි ක්‍රමවේදයට අනුව සකස් කර නොමැති බවයි. මෙම මාරුකිරීම් සම්බන්ධයෙන් කරුණු විමසීමේදී බොහෝ ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් සම්බන්ධයෙන් නියමිත ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කරන බව ද එම උසස් නිලධාරියා කියා සිටියේය.

ස්ථානාධිපති මාරුවීම් ලැයිස්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවා නව ක්‍රමවේදයක් අනුව එය සකස් කරන ලෙස පොලිස් කොමිසම පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත. ජාතික පොලිස් කොමිසමේ නිලධාරියකු කියා සිටියේ එම ස්ථානාධිපති මාරුවීම් ලැයිස්තුව ඒ අනුව ක්‍රියාත්මක කරන බවයි.
හේමන්ත රන්දුණු


advertistmentadvertistment