කොවිඩ් රෝගීහු 9 ක් හමුවෙති

217

කොවිඩ් ආසාදිත රෝගීන් 9 දෙනකු (04 වැනිදා) දිනයේදී වාර්තා වූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා ‘දිවයින’ ට (05 දා) පැවසීය.

අවසන් වරට කොවිඩ් මරණයක් වාර්තා වූයේ ජුනි 01 වැනිදා බවත්, ඉන්පසු කොවිඩ් මරණයක් වාර්තා නොවූ බවත් හෙතෙම කියා සිටියේය.

එසේම තවමක් කොවිඩ් රෝගීන් 50 දෙනකු 60 දෙනකු පමණ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඒ මහතා සඳහන් කළේය. කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීම තවමත් අඩු වී නොමැති බැවින් අනෙකුත් රටවල්වල කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානයෙන් පසුවන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment