රුසියානු ගුවන් යානය පිළිබඳ තීන්දුව සමාගමේ පෞද්ගලික ගැටලුවක් – අගමැති රුසියානු රජයට දන්වයි

345

රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් සම්බන්ධව කොළඹ වාණිජ අධිකරණය දුන් තීන්දුව රුසියාවත් ශ්‍රී ලංකාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොව එම සමාගම සම්බන්ධව පෞද්ගලික ගැටලුවක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රුසියානු රජයට දැනුම්දී ඇත.

 එසේම මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාවලිය කඩිනමින් විසඳන ලෙසද අගමැතිවරයා අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට දැනුම්දී තිබේ.

 එරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධව පවතින කල්බදු  ගැටලුවක් ගැන අයර්ලන්තයේ කල්බදු සමාගමක් විසින් කොළඹ වාණිජ අධිකරණයේ පැවරූ නඩුවකට අනුව එම ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑම අත්හිටුවමින් ඉකුත් 02 වැනිදා නියෝගයක් නිකුත් කරන ලදී. ඒ අනුව ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑම නතර කිරීමට කටුනායක ගුවන්තොටුපොළ බලධාරීහු පියවර ගත්හ. මෙම සිද්ධිය සම්බන්ධව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය රුසියානු විදේශ අමාත්‍යාංශය වෙත ඉකුත් 03 වැනිදා කැඳවා සිය අප්‍රසාදය පළකිරීමට රුසියානු රජය පියවර ගෙන තිබුණි.

 එසේම රුසියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට යැවීමද අත්හිටුවීමට තීරණය කර ඇත. මෙලෙස මතුවූ ගැටලුව සම්බන්ධව

 අගමැතිවරයා ඊට මැදිහත්වී එය සමථයකට පත්කිරීමට පියවරගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment