පශු වෛද්‍යවරුන් 12ක් ඉඳලත් දෙහිවල සත්තු බේරගන්න බෑ

142

සත්ව මරණවලට ඔවුන් වගකිව යුතුයි – පොදුජන සේවක සංගමයේ සභාපති
සීබ්‍රාගේ මරණය ගැන විමර්ශනයක් කෙරෙනවා – සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි වටිනා සත්වයන් කිහිපදෙනකු ම මියගියා. මේවා ඝාතන. මේකට මේ පශු වෛද්‍යවරුන් වගකියන්න ඕනෑ. මේ අයගේ සේවය අත්හිටුවලා විධිමත් පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි. මේ සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යාංශය අවධානය යොමු කරන්නේ නැත්නම් ඉදිරි දින තුන හතර ඇතුළත සියලු ම සත්වෝද්‍යාන සේවකයන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයකට එළැඹෙනවා… යැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන සේවක සංගමයේ (දෙහිවල) සභාපති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් මහතා ‘දිවයිනට’ ඊයේ (15 වැනිදා) පැවැසීය.

මෑතක දී සිදුවූ ජිරාෆ් සත්වයාගේ හා ගතවූ දින කීපය තුළ සිදුවූ සීබ්‍රා (පිරිමි) සත්වයාගේ මරණය පශු වෛiවරුන්ගේ නොසැලකිල්ල මත සිදුවූ මරණ බවට ද හෙතෙම චෝදනා කළේය.

තවදුරටත් කතා කළ ක්‍රිෂාන්ත මහතා මෙසේ ද කියා සිටියේය.

“දැන් මීට මාස කීපයකට උඩදී සත්වෝද්‍යානයේ හිටිය ජිරාෆ්ව මරා ගත්තා. අඩු ම තරමේ ඒකෙ වාර්තාවක් මේ වෘත්තිය සමිතිවලට දීලා නැහැ. මීට වසර 12කට පෙර මේ සත්වෝද්‍යානයේ හිටියේ එක් පශු වෛද්‍යවරියක් විතරයි. දැන් මේකේ පශු වෛද්‍යවරුන් 12ක් විතර ඉන්නවා. ඒ ඉඳලත් සත්තු ටික ආරක්‍ෂා කරන්න බැහැ. අපි කියන්නේ විදේශීය පශු වෛද්‍යවරුන්ගේ සහයෝගයත් ලබාගන්න කියලයි. 2019 ඉඳල ම දිගින් දිගට ම සත්වෝද්‍යානයේ සත්තු මියයෑම ගැන නිසියාකාරව විමර්ශන සිදුවෙලා නැහැ.”

අප මේ සම්බන්ධයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජරාල් රංජන් මාරසිංහ මහතා ගෙන් විමසූවිට කියා සිටියේ සීබ්‍රා සත්වයාගේ මරණයට අදාළව විමර්ශනයක් සිදු කෙරෙන බවය.

එම විමර්ශනවල ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගන්නා බව ද ඒ මහතා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment