සෞදි ආර්ථික ඇමැති ජනපති හමුවෙයි

158

මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍ය ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ.ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එම සාකච්ඡා පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.එහිදී ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.විශේෂයෙන් ඇඟලුම් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර පවතින සබඳතා වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment