දේශබන්දුට එරෙහි සියලු විමර්ශන දින 10ක් තුළ අවසන් කරන්න – සී.අයි.ඩී.යට නියෝග

254

මේ වනවිට රාජකාරිය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව සිදුකරන විමර්ශන සියල්ල දින දහයක් ඇතුළත අවසන් කොට තම අධිකරණයට විමර්ශන ප්‍රගතිය වාර්තා කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (22දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (22දා) අධිකරණය හමුවේ පෙනී සිටි අතර එම නඩුව ලබන ඔක්රතෝබර් 10 වැනිදා දක්වා කල් තැබීමට ද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

2023 වසරේ දී වැලිගම ඩබ්ලිව්. 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය හා විමර්ශන නිලධාරීන්ට තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙන් වෙන්ව විමර්ශන ආරම්භ කොට තිබිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සොහාන් අබේවික්‍රම මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ මහේෂ් ප්‍රමුදිත, දසරාජ් දහනායක, තාරක නානායක්කාර යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග නීතිඥ ධම්මික රත්නායක මහතා විත්තිය නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක සහ මාතර අතිරේක – ලලිත් පත්මසිරි


advertistmentadvertistment