හෙද සේවය සඳහා අලුතින් බඳවා ගත් 3147 දෙනකුට අද (24දා) පත්වීම් ලිපි ප්‍රදානය කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අදාළ නිල උත්සවය අද පෙ.ව. 9.30ට අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී සිදු කෙරේ.
මෙරට හෙද සේවයේ වැඩිම පිරිසකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන පළමු අවස්ථාව මෙය බවත් මෙම උත්සවයට සමගාමීව හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනකු සඳහා ද මෙහිදී උසස්වීම් ප්‍රදානය කිරීමට නියමිත බවත් අමාත්‍යාංශය කියයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස, එම අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛi අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
සුජීව තත්සර