ශ‍්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 50 එක්දින තරගාවලියේ අද ආරම්භ වූ පළමු තරගයේදී පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිළ සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 296ක් ලබාගැනීමට සමත් විය.එය පන්දු වාරයකට ලකුණු 5.92ක වේගයකි.සිම්බාබ්වේ වෙනුවෙන් විලියම්ස් 100ක්ද චකබ්වා 72ක්ද ලබාගත්හ.පන්දු යැවීමේදී චාමික කරුණාරත්න 69/3,නුවන් ප‍්‍රදීප් 54/2 ,ජෙෆ්රි වැන්ඩවට් 44/2 සහ මෙන්ඩිස් 32/1 ලෙස කඩුලු දවා ගැනීමට සමත් වූහ.
|