නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
පෙරේදා (24දා) රාත්‍රියේ දිවයිනට පැමිණි ඒ මහතා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පිළිගනු ලැබීය. 2013 වසරෙන් පසු නවසීලන්ත විදේශ අමාත්‍යවරයකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මෙය වේ.
ජපාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත් ද හමුවීමට නියමිතය. හෙතෙම ලබන 28 දා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතය.
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ඔස්ටේ්‍රලියාව, ශ්‍රී ලංකාව, නේපාලය සහ ඉන්දියාව යන රටවල සංචාරය කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ නිල සංචාරයෙන් අනතුරුව ඒ මහතා ඉන්දියාව සහ නේපාලය බලා පිටත්ව යාමට නියමිතය.