සභාපති නීල් ඉද්දවල
අල්ලස් කොමිසම සඳහා නව සභාපතිවරයකු සහ සාමාජිකයන් දෙදෙනකු පත් කර ඇත. ඒ අනුව එහි සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවල මහතා පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස පළපුරුදු බැංකුකරුවකු වන චේතිය ගුණසේකර සහ නීති විශාරදයකු වන ආර්. බී. රාජපක්ෂ යන මහත්වරුන් පත් කර තිබේ.
2024 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම් සිදු කර ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපි ඊයේ (28දා) දින ප්‍රදානය කර ඇත.
මෙහි සභාපති නීල් ඉද්දවල මහතා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම්වරයා මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ද කටයුතු කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම් සිදු කර ඇත.
අකිත පෙරේරා