නව තලෙයිබාන් රජය මාධ්‍ය නිදහස සීමාකර ඇතැයි චෝදනා

196

ඇෆ්ගනිස්තානයේ නව තලෙයිබාන් රජය ජනමාධ්‍ය නිදහස සීමා කර ඇතැයි හියුමන් රයිට් වොච් සංවිධානයේ ආසියානු කළාප අධ්‍යක්ෂිකා පැටී‍්‍රෂියා ගොස්මන් මහත්මිය පවසයි.නව රජයේ තොරතුරු හා සංස්කෘතික ඇමැතිවරයා පනවා ඇති මාධ්‍ය නීති අනුව ඉස්ලාම් ආගම සම්බන්ධ ආන්දොලනාත්මක පුවත් පල කිරීම තහනම්ය.තලෙයිබාන් සංවිධානය විසින් සිදුකරන ප‍්‍රචන්ඩ සිද්ධීන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ හෝ මුද‍්‍රිත මාධ්‍ය මගින් පළ කළ නොහැකිය.යම් පුවතක් පළ කළ හැක්කේ ආණ්ඩුව තහවුරු කළ පුවත් පමණි.මෙම මාධ්‍ය නියාමනයන් මානව හිමිකම් උල්ලංඝණයක් මෙන්ම ජනමාධ්‍ය නිදහස සීමා කිරීමක් බවද ඇය පවසයි.මෙය තලෙයිබාන් රජය පත්වීමේදී මාධ්‍ය සම්බන්ධව ලබාදුන් පොරොන්දු කඩකිරීමක් බවද ඇය පවසයි.


advertistmentadvertistment