පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන බැවින් නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මැයි 05 සහ 06 දිනයන්හි වසා තබන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ප්‍රධාන කාර්යාලය නැඟෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස 06 සහ 07ට අදාළ ඡන්ද මධ්‍යස්ථානය ලෙස ගැසට් මගින් ප්‍රකාශ කර ඇත.
ඡන්දය පැවැත්වීමට අදාළව කටයුතු සංවිධානය කිරීම සඳහා ඡන්දයට පෙර දින එනම් 05 වැනිදා, ඡන්ද ප්‍රකාශ කරන 06 වැනිදාද කාර්යාලය වසා තබන බැවින් එහි දෙපාර්තමේන්තු රාජකාරි සිදුනොකරන බවද පවසයි.
චමින්ද සිල්වා