නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ලක්‍ෂාන්ට

68

ජුනි මස 07 වැනිදා සිට බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙස විසිහය හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එම තරගාවලිය යටතේ සිව්දින තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීමට නියමිතය. පළමුව පැවැත්වෙන සිව්දින තරගාවලිය ජුනි මස 07 වැනිදා සිට ජුනි මස 17 වැනිදා දක්වා කූලිජ් හිදීද තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ සියලුම තරග ජුනි මස 21, 24 සහ 26 යන තෙදින ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – ධනංජය ලක්ෂාන් (නායක), ජනිෂ්ක පෙරේරා, ෂෙවෝන් ඩැනියල්, අහන් වික්‍රමසිංහ, නිපුන් ධනංජය, අංජල බණ්ඩාර, සොහාන් ද ලිවේරා, සහන් කෝසල, රවිඳු ප්‍රනාන්දු, චමිදු වික්‍රමසිංහ, දුලාජ් සමුදිත, ගරුක සංකෙත්, සිතුම් දිසානායක, දිලුම් සුදීර, ට්‍රවේන් මැතිව්, අෂෙයින් ඩැනියල්, මෙලන් හංසක.


advertistmentadvertistment