කලාකරුවන්ට, නිර්මාණවේදීන්ට යහපත්
ආරක්ෂක අංශයන්ට අයහපත්
ග්‍රහලොව සුකුමාලිය ජය ලබන මැයි මාසයේ ග්‍රහ යුද්ධයේ තතු, සූර්ය මස මේෂ, රවි 5 භාගයක් වූ චන්ද්‍ර මස වෙසක් පුර තියවක තිථියලත් කිවි දින, 2025.05.02 ප.ව. 10.38 මැයි මාසය තුළ සිදුවන එකම ග්‍රහ යුද්ධය ලෙස හැඳින්වෙන ග්‍රහලොව මනමාලි හෙවත් සිකුරු සහ විනාශකාරී ග්‍රහයෙකු ලෙසින් හැඳින්වෙන නැප්චූන් අතර සිදු වේ. මෙහිදී සිකුරු ග්‍රහයා ජය කෙහෙලි නංවයි. මෙම ග්‍රහ යුද්ධය ශනිට අයත්, උත්‍රපුටුප නැකතේ දෙවෙනි පාදයේ සිදු වේ. උත්‍රපුටුප නැකත වනාහි කාලවර්ණ, පුල්ලිංග, සිවුපා, ඌර්ධවමුඛ ආකාෂ තරු 2කින් යුත් නැකතකි. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ මෙම ග්‍රහ යුද්ධය දෙවෙනි භාවය තුළ සිදු වේ. ඒ අනුව බැංකු, මූල්‍ය පද්ධති ආශ්‍රිත ගැටලු ඇති වන බවක්ද පෙනේ. මෙම මොහොත වන විට ධෘති යෝගයත්, සඳු හෝරාවත් පවතී. එසේම 22 වන දෙර්කානාධිපතිට අයත් කුජ වීම මත මාරක අනතුරු හදකම්පා වන සිදුවීම් ගැනද අසන්නට ලැබෙන බව පෙනේ. එසේම ආරක්ෂක අංශයන්වලට යහපත් නොමැති බවක්ද සඳහන් කළ හැක. තත්කාල ලග්නය වශයෙන් ධනු ලග්නයත්, කන්‍යා නවාංශකයත් උදාව පවතී. එහිදී සිව්වැන්නේ බුධ, සිකුරු, රාහු, ශනි, නැප්චූන් ද පස්වැන්නේ රවි ද, හයවැන්නේ ලග්නාධිපතිට අයත් ගුරු ද, හත්වැන්නේ සඳු ද, අටවැන්නේ කුජ ද, දහවැන්නේ කේතු ද ගමන් ගෙන තිබුණි. සිකුරුගේ ජය ලැබීම හේතු කොට ගෙන කලාකරුවන්ට, නිර්මාණවේදීන්ට යහපත් බවක් පෙන්වයි. කලාකරුවන්ට ඇගයීම් සම්මාන පවා ලැබීමට ඉඩ පවතින කාලයකි. එසේම කාන්තා හිංසන, කාම අපරාධ වැඩි වැඩියෙන් අසන්නට ලැබෙන කාලයක්ද වේ. නැප්චූන්ගේ පරාජය හේතුවෙන් දරුණු වසවිස ශරීරගතව මිය යන අයගේ වර්ධනයක් ද දැක ගත හැක.
නැප්චූන් විදුලියට කාරක බැවින් විදුලි මිලෙහි උච්චාවචනය වීමක් ද ඇති කරයි. බාල ඖෂධ ගැන යළි කරලියට එන කාලයක් ද වේ. පැරණි කෞතුක භාණ්ඩ නිධන් හොරුන්ගේ ග්‍රහනයට ලක් වන පුවත් ද අසන්නට ලැබේ. තවද නැප්චූන් ගිනි අනතුරු වලටත් කාරක බැවින් හදිසි ගිණි ගැනීම්, පිපිරීම් පවා මෙම කාලය තුළ ඇති කෙරේ. මෙයට අමතරව බුධ ග්‍රහයා ද පීඩාවට පත්ව තිබීම මත බුද්ධිමතුන්, සාහිත්‍යධරයන්, කුඩා දරුවන්, කුඩා ව්‍යාපාරිකයන්ට තවදුරටත් යහපත් නොමැත. මිනිරන් හෝ පතල් ආශ්‍රිත ප්‍රබල අනතුරක සේයාවක්ද දැක ගත හැක. රජය සහ මහජනතාව තෙරුවන් කෙරෙහි මහත් පැහැදීමෙන් දාන, සීල, භාවනා ආදියෙහි නිරත වීමෙන් ඉවසීමෙන් යුතුව අන්‍යොන්‍ය විශ්වාසයෙන් බෝධි පූජා, බුද්ධ පූජා කිරීමෙන් ඉහත කරුණුවලින් මිදීමට හැකි වනු ඇත.
සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම්
ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658