පළාත් සභා සඳහා මුදල් කොමිෂන් සභාව විසින් නිර්දේශ කරනු ලැබූ මුදලින් සියයට 45ක මුදලක් මෙම වර්ෂයේ දී (2025) පළාත් සභා සඳහා මහා භාණ්ඩාගාරය විසින් ලබා දී ඇති බැව් මුදල් කොමිෂන් සභාව පවසයි.
මුදල් කොමිෂන් සභාව විසින් පළාත් සභාව සඳහා නිර්දේශ කරනු ලැබූ මුදලින් මීට පෙර ලබා දී ඇත්තේ සියයට 20ක පමණ මුදලක් බවත් එම මුදල මෙම වර්ෂයේ දී සියයට 45 දක්වා වැඩි වී ඇති බවත් කොමිෂන් සභාව පෙන්වා දෙයි.
පළාත් සභාවල සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන්කිරීමේ දී එම පළාතේ, විද්‍යා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලය සඳහා සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන්ගේ සංඛ්‍යාව, පළාතේ දිළිඳු ජන සංඛ්‍යාව, පළාතේ එක් වෛද්‍යවරයකු සඳහා සිටින ජනගහනය, උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව යන නිර්නායක මුදල් කොමිෂන් සභාව විසින් සැලකිල්ලට ගෙන ඇත.
මහා භාණ්ඩාගාරය විසින් පළාත් සභා සඳහා මුදල් වෙන්කරනු ලබන්නේ මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ අනුව වන අතර පළාත් සභාවල සේවය කරනු ලබන සේවකයින්ගේ වැටුප් ගෙවීම, පාසල් සංවර්ධන, ව්‍යාපෘති සහ සංවර්ධන කටයුතු සඳහා මෙකී මුදල් වෙන්කොට ඇත. පාසල් සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම වර්ෂයේ දී රුපියල් බිලියන 30.2ක මුදලක් වෙන් කර ඇත.
ලලිත් චාමින්ද