ලොව ඉහළම මතක ශක්තියක් ඇති දැරියක් බවට ලෝක වාර්තාවක්: – බගවන්තලාව හොලිරොසරි දමිළ විද්‍යාලයේ සංකර්දාස් කණිෂ්කා දියණියට සුබ පැතුම්

138

මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව 432 ක් විනාඩි 04 ක් වැනි කෙටි කාලයක් තුළදී මතක තබා ගනිමින්, නම් කරමින් ලොව ඉහළම මතක ශක්තියක් ඇති දැරියක් බවට ලෝක වාර්තාවක් පිහිටුවීමට බගවන්තලාව හොලිරොසරි දමිළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සංකර්දාස් කණිෂ්කා සිසුවිය සමත්විය.

බගවන්තලාව ආරියපුර ගම්මානයේ පදිංචි සංකර්දාස් කණිෂ්කා නැමති දැරිය බගවන්තලා හොලිරොසරි දමිළ මහා විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබන අතර , ඇයගේ දෙමව්පියන් එම දැරිය පෙර පාසල් වයසේ සිටම හොඳ මතක ශක්තියක් ඇති බවට වටහා ගැනීමෙන් අනතුරුව ඇයට අධ්‍යනය කිරීම සඳහා පොත් පත් ලබාදීමට කටයුතු කර ඇත.

ඉන්දියාවෙන් ක්‍රියාත්මක කරන චොලන් ලෝක වර්තාව පිහිටුවීම සඳහා සංකර්දාස් කණිෂ්කාගේ දෙමව්පියන් වන තංගරාජ් සංකර්දාස් (පියා) සහ සංකර්දාස් දාමිණි (මව) යන අය විසින් චොලන් ආයතනයෙන් කළ ඉල්ලිමක් මත එම ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති නාගවාණි රාජා මහතා සහභාගි වෙමින් මෙම වාර්තාව අධීක්ෂණය කරනු ලැබිණ.

චෝලන් ලෝක වාර්තාවට හිමිකම් කියන පාසල් සිසුවියට ඇය අධ්‍යාපනය ලබන පාසලේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ සිසු සිසුවියන්ගේ සුබ පැතුම් හිමිවිය. එම සිසුවිය චෝලන් ලෝක වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක් වු චෝලන් ආයතනයේ ශ්‍රී ලංකාවේ උප සභාපති නාගවාණි රාජා මහතා කියා සිටියේ ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන තම ආයතනය ලෝකයේ රටවල් 26 ක ක්‍රියාත්මක වන බවයි. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල මෙවැනි දක්ෂතා ඇති දරුවන් හඳුනාගෙන ඔහුන්ගේ දක්ෂතාවයන් ඉදිරියට රැගෙන ඒමේ අරමුණින් තම ආයතනය මගින් චෝලන් ලෝක වාර්තා පොත පවත්වාගෙන යන බවයි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment