තේ පොහොර සහන මිලට

228


රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් තේ වගාව සඳහා අවශ්‍ය වන පොහොර සහන මිලකට ලබාදීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත. තේ කර්මාන්තකරුවන්ගේ ස්වාධීන සංගමය අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබේ.

රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොරසමාගම් දෙකෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය ජගත් පෙරේරා මහතා සමග කළ සාකච්ඡාවකට අනුව මෙරට තේ වගාව සඳහා අවශ්‍ය වන පොහොර දැනට සමාගම විසින් නිෂ්පාදනය කරන මිලටම ලබා දීමට සභාපතිවරයා එකඟත්වය පළ කර ඇත. එම සමාගම් දෙක විසින් දැනට තේ, කුරුඳු, පොල් ඇතුළු වැවිලි බෝග වර්ග සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් නිෂ්පාදනය කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment