ජාතික රෝහලට නව MRI යන්ත්‍රයක්

344

ශ්‍රී ලංකා ජාතික රෝහල සඳහා වන සිව්වන MRI යන්ත්‍රය අද එම රෝහල වෙත නිල වශයෙන් භාර දීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි මහතා විසින් සිදුකෙරිණි.ජපානයේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වන ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන රුපියල් බිලියන 1.76 ක ආධාර වැඩපිළිවෙළ යටතේ මෙම MRI යන්ත්‍රය මෙරටට හිමිව තිබේ. ඒ අනුව රුපියල් මිලියන 400ට අධික වටිනාකමින් යුත් මෙම යන්ත්‍රය නිල වශයෙන් භාර ගැනීමේ අවස්ථාව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) එම රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.ජපන් සමාජ ආර්ථික සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ CT ස්කෑන් යන්ත්‍රයක් , ඇන්ජියෝග්‍රෆි යන්ත්‍ර 02 ක් හා බහු පාරමිත මොනිටර් 09 ක්ද ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ජාතික රෝහල වෙත පරිත්‍යාග කළ අතර , රාගම ශික්ෂණ රෝහලට මිලියන 300ට අධික වටිනාකමින් යුත් DSA (Digital Subtraction Angiography) යන්ත්‍රයක්ද පරිත්‍යාග කෙරිණි.කොළඹ ජාතික රෝහලේ මේ වන විට MRI ස්කෑනර් යන්ත්‍ර 03 ක් ස්ථාපිතව ඇති අතර මෙම යන්ත්‍රයත් සමඟ එය 04 ක් දක්වා ඉහළ යනු ඇත. දිවයින පුරා ශික්ෂණ රෝහල් හා මහ රෝහල් 12ක රෝගී සත්කාර සඳහා MRI ස්කෑනර් යන්ත්‍ර යොදා ගැනේ.

advertistmentadvertistment
advertistmentadvertistment