නොරොච්චෝලෙත් අක්‍රිය වෙයි

805

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ඒකකයක් අද අලුයම අක්‍රීය වී ඇති බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම ඒකකය හරහා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 270ක් එක්කළේය.මේ අතර නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන ඒකක ත්‍රිත්වයෙන් තවත් ඒකකයක් මීට පෙර තාවකාලිකව අක්‍රීය කර පවතී.නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ඒකකය පසුගිය ජුනි මාසයේදී මෙලෙස අක්‍රීය කරනු ලැබීය.ඒ අනුව මේ වනවිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වන්නේ එක් ඒකකයක් පමණි.එම ඒකකයෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300ක් එක්කරයි.මේ අතර දිවයින පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් විදුලි බල මණ්ඩලය විසින් සහතික කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment