කෙහෙළියගේ විශ්වාසභංගයට බාලගිරි දෝෂ

617

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී දිනයක් නියම කර ගැනීම කල් දමා ඇත. මේ සම්බන්ධයෙන් විපක්ෂය පවසා ඇත්තේ තව සති කිහිපයක් අවශ්‍ය බවය.නමුත් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළ පසු එය කඩිනමින් විවාදයට ගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදායවේ. සෞඛ්‍ය අමාත්‍යවරයා ද මෙම විශ්වාස භංග යෝජනාව කඩිනමින් විවාදයට ගෙන ඡන්ද විමසීමක් සිදු කරන ලෙස ඉල්ලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment