වරායේ හිරවුණු සහල් මුදාගන්න ඩොලර් දීමට ඇමැති පොරොන්දු වෙයි

135

රට තුළ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොදී වරායේ දැනට සිරවී තිබෙන සහල් කන්ටේනර් 300 ක් කඩිනමින් නිදහස් කරගැනීම ස`දහා අවශ්‍ය ඩොලර් වාණිජ බැංකු වෙත මුදාහරින බවට වෙළෙ`ද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ට පොරොන්දුවක් දී තිබේ.

මේ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය පරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතාගෙන් විමසූ විට ඒ මහතාද විශ්වාසය පළ කරමින් කියා සිටියේ සහල් තොග නිදහස් කර ගනීම ස`දහා ඩොලර් මුදාහරිනු ඇති බවයි.

ඇමැතිවරයා සතුව ඩොලර් නොමැති බැවින් කැබිනට් මණ්ඩලයට හෝ මහබැංකු අධිපතිවරයා සමඟ හෝ සාකච්ඡුා කොට එය කි‍්‍රයාවට නංවනු ඇතැයි බලාපොරොත්තු වන බවද සෙනවිරත්න මහතා කීය.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු මෙරට කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් දහසකට වඩා වරායේ සිරවී තිබෙන බවද ඒ මහතා ස`දහන් කළේය. වරින් වර ඩොලර් මුදාහැරීමට වඩා නිසි ක‍්‍රමවේදයක් සකස් කර මෙම කන්ටේනර් නිදහස් කර ගැනීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment