අයිසීසී මහා සභා රැස්වීම ශ්‍රී ලංකාවට – ඇමැති හරීන් කියයි

92

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙරටදී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටී.

සිය එක්ස් X ගිණුමේ සටහනක් තබමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

අයිසීසී මහ සභා රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම සංචාරක ව්‍යාපාරයටද ප්‍රතිලාභ රැසක් අත්වන බව ද ඇමැතිවරයා සඳහන් කරයි. අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තහනමක් පනවා තිබූ අවස්ථාවේදී මෙම රැස්වීමේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් පැවතිණි.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබූ එම තහනම ඉවත් කිරීමට පසුගිය සතියේ අයිසීසීය කටයුතු කළ අතර ඒ අනුව පෙරේදා පැවති අයිසීසී නිලධාරී හමුවේදී ශ්‍රී ලංකාව වෙත අදාළ මහා සභා රැස්වීමේ සත්කාරකත්වය හිමි වී තිබේ. ශ්‍රී ලංකාවට පනවා තිබූ ක්‍රිකට් තහනම නිසා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට අහිමි විය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment