ටිං අනිවාර්ය කිරීම අප්‍රේල් තෙක් කල් යයි

236

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (ටින් අංකය) අනිවාර්ය කිරීම අප්‍රේල් මාසය දක්වා පමණ කල් යනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි.

ටිං අංක ලබාදීම පෙබරවාරි අවසන් වන විට අවසන් කළ යුතු බව කලින් තීරණය කර තිබුණත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

මගින් හෝ වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට ලබන මස (පෙබරවාරි) අග වන විට ටින් අංක නිකුත් කර අවසන් කිරීමට නොහැකි වීම නිසා මෙසේ අප්‍රේල් දක්වා කල් යනු ඇතැයි සඳහන්ය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කවුළුවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණත් අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ හා අස්වැසුම නව ප්‍රතිලාභී අයැදුම්පත් කැඳවීමේ කටයුතු නිසා ඒ සඳහා ප්‍රාදේශීය සංවර්ධන නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමද ගැටලුවක් වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment