උද්වේගකර තරගයකින් පසු නේපාලයට ජය

102

මධ්‍යම ආසියානු අභියෝගතා කුසලානය (පිරිමි) 2023 වොලිබෝල් තරගාවලිය යටතේ පැවැත්වුණු නේපාලය හා ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදා 5-3ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට නේපාල කණ්ඩායම සමත් විය.

ප්‍රථම තරග වටය 25-19ක් ලෙස නේපාලය ද, දෙවැනි තරග වටය 19-25ක් ලෙස ඇෆ්ගනිස්ථානය ද, තෙවැනි තරග වටය 25-22ක් ලෙස නේපාලය ද, සිව්වැනි තරග වටය 21-25ක් ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජය ගැනීමට සමත් වීම නිසා අවසාන තරග වටය තියුණු මුහුණුවරක් ගත්තේය.

අවසාන වටයේදී තියුණු තරග විලාශයක් පෙන්නුම් කළ නේපාල කණ්ඩායම අවසානයේ තරග වට 5-3ක් ලෙස ජය අත්කර ගැනීමට සමත් විය. මධ්‍යම ආසියානු අභියෝගතා කුසලාන (2023) පිරිමි තරගාවලියේ 7 වැනි තරගය ලෙස මෙය පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment