පොල් ගෙඩිය තුනකට බිඳී ගියේ නම් කාරණාව සුබ වෙයි. නමුත් බොහෝදුරට ඔබ එකම තැන පල්වෙන චරිතයක්. කෙසේ හෝ අපල සඳහා හෝ සුබ කටයුත්තක් හෝ වේවා සුබ වෙලාවකට කලාවකට සිද්ධ වන්නෙ නම් එහි ප්‍රතිඵල ඉක්මනින්ම ලැබේ. මෙය දැනගෙන කළහොත් බොහෝ ප්‍රතිඵල ලබාගත හැක.
ඔබ ගැසූ පොල් ගෙඩිය මේ ආකාරයෙන් බිඳී ගියේ නම් ඔබ කුමන කරුණකට පොල් ගැසුවත් එයින් ඉස්මතු වී පෙනෙන්නෙ ඔබ ගැනයි. ඔබේ ශරීරයේ කුමන හෝ රෝගී තත්ත්වයක් සැඟවිලා ඇති බවත් එයින් ඔබ පීඩාවන බවත් ළඟදීම එහි ප්‍රතිඵල ලැබෙන බවත් කිව යුතුයි.
ඔබ නරක දෙයක් වෙනුවෙන් පොල් ගැසුවේ නම් මෙයින් පැහැදිලි වන්නෙ ඔබ සම්පූර්ණම නිර්දෝෂි කෙනෙක් නොවේ. ඔබේ අතේද යම්කිසි වරදක් තියාගෙන ඔබ පොල් ගෙඩිය නොබිඳිය යුතුය. ඇත්තෙන්ම පොල් ගැසීමේදී මොනම ආකාරයෙන්වත් අපේ අතේ වරද තබාගෙන අන් අයට පොල් ගසන්නට නොයන්න. සියලු දේ අපේ පැත්තට කැරකිලා එන්න ඒ හැටි වෙලාවක් ගත නොවේ.
මීට අමතරව ගැහැනු බෑව පැත්ත කැබලි කීපයකට හෝ කුඩාවට කැඩී ගියා නම් කුමන කාරණාවක් වුවත් එය ඔබටම වාසි ගෙන දෙමින් ඔබේ පැත්තටම කැරකිලා එන බවයි.
ඒ වගේම තමයි පිරිමි බෑව කැබලි කීපයකට කැඩී ගියේ නම් ශුභ කටයුත්තක් සිතාගෙන පොල් බින්දේ නම් එය ඉටු නොවේ. නමුත් එය අශුභ නරක කාරණාවකට පොල් ගැසුවේ නම් ඔබේ කටයුත්ත ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙයි. සතුරන් මර්දනය වෙයි. හැබැයි මේ දේ කිව යුතුයි. ඔබට අපල සහගත බවක් පෙන්නුම් කරයි. විවාහ නොවූ කෙනෙක් නම් විවාහය ප්‍රමාද වෙයි. විවාහ වූ අයගේ විවාහ ජීවිතයේ යම් යම් ගැටලු සහගත බවක් ගෙන දෙයි. ජීවිතයේ බොහෝ දේ තෘප්තිමත් නොවේ. ඇත්තෙන්ම අපල සහගත කාලයක් ඔබ පසු කරමින් සිටින්නෙ. එබැවින් පුළුවන් තරම් ඔබේ ජීවිතයට සම්බන්ධ සියලුම කාරණා ඔබ විසින් හොඳින් සිතා බලා කළ යුතුවන බවයි. අපල, හදිසි අනතුරු, කරදරවලින්ද ප්‍රවේශම් වන්න.
ඔබ බිඳින පොල් ගෙඩිය කෑලි කෑලිවලට කුඩු වී සුනුවිසනු වී ගියේ නම් ඔබ නරකට ගැසුවේ නම් ඇත්තෙන්ම ඔබේ කාරණය ඉටුවේ. ඕනෑම දඬුවමක් ලැබේ. ග්‍රහ අපල සඳහා නම් බොහෝදුරට ග්‍රහ අපල දුරුවෙයි.
ඔබේ පොල් ගෙඩිය තුනකට බිඳී ගියේ නම් ඔබේ කාරණාව සුබ වෙයි. නමුත් බොහෝදුරට ඔබ එකම තැන පල්වෙන චරිතයක්. කෙසේ හෝ අපල සඳහා හෝ සුබ කටයුත්තක් හෝ වේවා සුබ වෙලාවකට කලාවකට සිද්ධ වන්නෙ නම් එහි ප්‍රතිඵල ඉක්මනින්ම ලැබේ. මෙය දැනගෙන කළහොත් බොහෝ ප්‍රතිඵල ලබාගත හැක.
ඔබට පොල් ගැසීම පිළිබඳව යමක් දැනගැනීමට ඇත්නම් ඉටුමිණ නාඩි සිද්ධාන්තවලින් අසන්න. එයට පිළිතුරක් ලබාගත හැක.
මුළු දිවයිනටම සාම විනිසුරු නාඩි හා වාස්තු විද්‍යාවේදිනි
ඉවෝන් දිසානායක
071 572 3434