නුවන් තුෂාර ඉදිරියට එද්දී වනිඳු, මහීෂ් පසු බසිති

280

අයි.සී.සී. විස්සයි – 20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හී පසුගිය (11දා) නිකුත් කර තිබූ වාර්තාවට අනුව නුවන් තුෂාර 124 වැනි ස්ථානයේ සිට ස්ථාන 49ක් ඉදිරියට පැමිණ 75 වැනි ස්ථානයට පැමිණ ඇත.

මෙතෙක් තුන්ඉරියව් ශ්‍රේණිගත කිරීම්හි 2 වැනි ස්ථානයේ සිටි වනිඳු හසරංග 3 වැනි ස්ථානයටත්, තෙවැනි ස්ථානයේ සිටි ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබී පළමු ස්ථානයටත් පත්ව තිබේ. පස්වැනි ස්ථානයේ පසුවූ ඔස්ට්‍රේලියාවේ මාකස් ස්ටොනික්ස් දෙවැනි ස්ථානයට පත්ව ඇත.

තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරින් ශ්‍රී ලංකාවේ දසුන් ශානක 12 වැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානයටත්, ඇන්ජලෝ මැතිව්ස් 32 වැනි ස්ථානයේ සිට 34 වැනි ස්ථානයටත් පහළ බැස ඇත. ධනංජය ද සිල්වා 35 සිට 31 වැනි ස්ථානය දක්වා උසස් වී තිබේ.

විස්සයි-20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 25 වැනි ස්ථානයේ සිටි පැතුම් නිශ්ශංක 23 වැනි ස්ථානයට උසස් වී ඇත. කුසල් මෙන්ඩිස් 21 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වාත්, චරිත් අසලංක 35 වැනි ස්ථානයේ සිට 37 වැනි ස්ථානය දක්වාත් පහත වැටී ඇත.

විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයේ රැඳී සිටි මහීෂ් තීක්ෂණ 12 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත. මෙහි දෙවැනි ස්ථානයේ රැඳී සිටින වනිඳු හසරංගගේ ස්ථානයේ වෙනසක් සිදු වී නැත.

විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාවෙහි වෙනසක් සිදු වී නැති අතර දකුණු අප්‍රිකාව 7 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වාත් ස්කොට්ලන්තය 14 වැනි ස්ථානයේ සිට 12 වැනි ස්ථානය දක්වාත් උසස් වී ඇත. පාකිස්තානය 6 වැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානයට පසු බසිද්දී ඇමෙරිකාව 18 වැනි ස්ථානයේ සිට 17 වැනි ස්ථානය දක්වා උසස් වී තිබේ.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment