නෙට්බෝල් ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර අත්දැකීම්

85

13 වැනි ආසියානු නෙට්බෝල් ශූරතා තරගාවලිය (2024) ඉලක්ක කොට ගෙන විදෙස් නෙට්බෝල් කණ්ඩායම් දෙකක් මෙරටට ගෙන්වා ජාතික සංචිතය සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමට ශ්‍රී ලංකා නෙට්බෝල් බලධාරීන් සැලසුම් කොට ඇත.

අදාළ සැලසුම අනුව ඔස්ට්‍රේලියා ක්ල්බ් ටීම් (Australia Club Team) සහ අප්‍රිකානු කණ්ඩායමක් මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකා නෙට්බෝල් බලධාරීන් දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එම සාකච්ඡා සාර්ථක වුවහොත් තව මාස දෙකකින් පමණ එම කණ්ඩායම් මෙරටට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

13 වැනි ආසියානු නෙට්බෝල් ශූරතා තරගාවලිය සැලසුම් කළ පරිදි ලබන සැප්තැම්බර් 28 වැනි දා සිට ඔක්තෝබර් මස 7 දක්වා සවුදි අරාබියේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16 ක් එම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, මැලේසියාව, මාලදිවයින. ජපානය, ඉරානය, ඉරාකය, ඉන්දියාව, සෞදි අරාබිය, බෲනායි, තායිලන්තය, හොංකොං, බහරේන්, පකිස්ථානය, පිලිපීනය සහ චීන තායිපේ එම කණ්ඩායම් වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment