නොවැක්ට ඔස්ටේ‍්‍රලියාව දොර වසයි

356

ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා එරටට පැමිණි සර්බියානු සුපිරි කී‍්‍රඩක නොවැක් ජොකොවික්ගේ වීසා බලපත‍්‍රය ප‍්‍රතික්ෂේප කිරීමට එරට ආගමන විගමන නිලධාරින් තීරණය කර තිබේ. රට තුළට ඇතුළුවීමේදී සළකා බැලෙන දැඩි ප‍්‍රවේශ අවශ්‍යතා සපුරා නොතිබීම මීට හේතු වි තිබේ.

කොරෝනා එන්නත ලබාගත් බවට සනාථ කිරිමට නොහැකි වීම සහ රට තුළට පැමිණිමේදී කළ යුතු සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ සපුරා නොමැති හෙයින් තරගාවලියට සහභාගි නොවී නැවතත් සිය රට බලා යෑමට ජොකොවික්ට සිදු වී තිබේ.

ටෙනිස් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ලොව අංක එක ස්ථානයේ පසුවන නොවැක් ජොකොවික්ට ඔස්ටේ‍්‍රලියාව විසින් සිදු කළ මෙම කි‍්‍රයාවෙන් සර්බියාවට සහ එම කී‍්‍රඩකායට මහත් අපහාසයක් වූ බව සර්බියානු ජනාධිපතිවරයා කියා සිටී.


advertistmentadvertistment