පක්ෂ කිහිපයකින් මැතිවරණ කොමිසමට පෙත්සමක්

52


ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී ආණ්ඩුකාරවරුන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් මැදිහත්වී මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් රාජ්‍ය දේපොළ අවභාවිතා කරන බවට සමගි ජන බලවේගය,නිදහස ජනතා සභාව ඇතුළු පක්ෂ කිහිපයක් අද සවස මැතිවරණ කොමිෂන් සභාවට පෙත්සමක් භාරදී ඇත.බඩු මළු බෙදා දීම ආදී කටයුතු රාජ්‍ය දේපොළ අවභාවිතා කරමින් සිදුකරන බවත් මෙම කටයුතු සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් පෙත්සමෙහි සඳහන් කර තිබේ.මෙම අවස්ථාවට සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර,මහාචාර්ය ජී.එල්.පීරිස්,දයාසිරි ජයසේකර,ඩලස් අලහප්පෙරුම,බුද්ධික පතිරණ සහ වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment