ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග දිරි ගන්වන්නකු ලෙස ප්‍රකටව සිටි අභාවප්‍රාප්ත පර්සි අබේසේකර මහතාට අවසන් ගෞරව දැක්වීම උදෙසා ඒ මහතාගේ දේහය අද (01 වැනිදා ) පෙරවරුවේ සිට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.
මිය යන විට 87 වැනි වියෙහි පසු වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02 වැනිදා) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.