පරිසරය රැකගන්න ඉන්දියාවෙන් දැඩි පොරොන්දුවක්

54


2030 වසර වන විට ඉන්දියාව බලශක්තිය නිපදවීමේදී පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණයෙන් ටොන් බිලිියනයක් අඩුකිරීමට අවධානය යොමු කර ඇතැයි එරට වෘත්තීය පරිසර ඇමැති භූපේන්ද‍්‍ර යදව් මහතා ස්කොට්ලන්තයේ පැවැති කොප් 26 පරිසර සමුලුවෙන් පසු ස්කොට්ලන්ත මුදල් ඇමැති කේට් ෆෝබ්ස් මහතා හමුවූ අවස්ථාවේදී පවසා ඇත.ඒ සඳහා පොසිල නොවන බලශක්තිය භාවිතා කර දැනට නිපදවන විදුලිය ගිගා වොට් 450 ධාරිතාව ගිගා වොට් 500 දක්වා ඉහළ දැමීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කරයි.එසේම වසර 2070 වන විට පරිසරයට කාබන් මුදා හැරීම ශූන්‍ය බවට පත්කිරීමට අවශ්‍ය සැලසුම් සැකසීමට අග‍්‍රාමාත්‍ය නරේන්ද‍්‍ර මෝදි මහතා උපදෙස් ලබාදී ඇතැයිද සඳහන් කරයි.එය ඉන්දියාවේ දැඩි පොරොන්දුවක් බවද අමාත්‍යවරයා පවසයි.ඒ අනුව හරිත පරිසරයක් ගොඩනැගීමට මුල් ලැයිස්තුවෙන්ම අමෙරිකානු ඩොලර් ට‍්‍රිලියනයක මුදලක් දේශගුණික මූල්‍ය අපේක්ෂාව ලෙස තම රට බලාපොරොත්තු වන බවද භූපේන්ද‍්‍ර යදව් මහතා වැඩිදුරටත් පවසයි.


advertistmentadvertistment