පරිසර සමුළුවේදී දේශගුණික විපර්යාස ගැටලුවලට ඵලදායී ප‍්‍රතිචාර අවශ්‍ය බව පාප් වහන්සේ ඉල්ලයි

212

එළඹෙන දිනවල ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේදී ඇරඹෙන ‘‘කොප් – 26’’ ගෝලීය පරිසර සමුළුවේදී පවතින ගෝලීය පරිසර ගැටලූවලට විසඳුම් ලබා දීම සඳහා ඵලදායී ප‍්‍රතිචාර දක්වමින් අනාගත පරපුර වෙනුවෙන් ස්ථිරසාර බලාපොරොත්තුවක් ලබා දෙන ලෙස වතිකානුවේ ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ එම සමුළුවට සහභාගි වන ලෝක නායකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

බී.බී.සී. පුවත් සේවය සමග වතිකානුවේ සිට සාකච්ඡුාවකට එක් වෙමින් පාප් වහන්සේ පවසා ඇත්තේ දේශගුණික විපර්යාස ගැටලූව මෙන්ම ලොව මුහුණ පා ඇති කොරෝනා වසංගතය හා ආර්ථික දුෂ්කරතාවන් යන අර්බුදයන් සඳහා ලෝක නායකයන් මනා දැක්මකින් හා රැඩිකල්වාදී තීරණ හරහා ප‍්‍රතිචාර දැක්විය යුතු බවයි. වර්තමානයේ පවතින මෙම අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා ලැබෙන අවස්ථාවන් අපතේ නොහරින ලෙසද පාප් වහන්සේ මෙහිදී ලෝක නායකයන්ගෙන් ඉල්ලා තිබේ.


advertistmentadvertistment