පසුපස ගාත් දෙකටම වෙඩි වැදුණු අලියා බේරා ගැනීමට වනජීවිය හා ගැමියෝ එක්වෙති

115

ඉකුත් පළමු සතිය මුලදී ඇළක වැටී සිටි අලියා තවමත් ප‍්‍රතිකාර ලබමින් සිටියත් 16 දා වනවිටත් නැගිට ගත නොහැකිව ඇතැයි ප‍්‍රදේශවාසීහු ප‍්‍රකාශ කරති. මේ වනවිට වනජීවිය කිහිප විටක්ම පැමිණ ප‍්‍රතිකාර කළද ඉන් සුවයක් ලැබී නැතැයි ඔව්හු පැවසූහ.

අඩි 9 ක් පමණ උස අවුරුදු 40 ක් පමණ යැයි සැකකරන මෙම පිරිමි අලියා මොරවැව කුඹුරුවලට ජලය ගෙනයන ඇළක වැතිර නැගිට ගැනීමට නොහැකිව දැනට දින 10ක් පමණ මෙම ස්ථානයේ රැඳී සිටියි.

ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ කිහිප විටක්ම ප‍්‍රතිකාර ලබාදී අලියා නැගිටුවීමට යන්ත‍්‍ර සූත‍්‍ර යොදා කටයුතු කළද අලියාගේ පසුපස ගාත් දෙකටම බරපතළ හානි ගෙන දෙන ලෙසින් වෙඩි වැදී ඇති හෙයින් ගොඩ ගැනීමට නොහැකි වී ඇත.

මේ වනවිට සතාට අවශ්‍ය ආහාරපාන ආදිය ලබාදීම ගම්වාසීන් විසින් වනජීවියේ උපදෙස් මත ක‍්‍රියාත්මක කරයි. කෙසෙල්, කොමඩු, දිවුල්, උක්ගස්, මඤ්ඤොක්කා, බෙලි, දිවුල් වැනි ආහාර විශේෂත්වයක් ගන්නා බවත් තමන්ට හැකි පමණින් අසරණ සතාට කෑම, බීම ලබාදී ජීවිතය බේරා ගැනීමට සියළු වැසියන් ගෙන් ඉල්ලා සිටින බව ගම්වාසීහු සඳහන් කළහ.

කන්තලේ – ඩබ්. එම්. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment