දැනෙන්න විදුලි බිල අඩු කරන්න – සජිත් මැතිසබයේදී කියයි

78

ජගත් පුෂ්පකුමාර එකඟ වෙයි

දැනට පවතින විදුලි බිල ජනතාවට දැනෙන ලෙස අඩු කිරීමක් සිදු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09දා) ඉල්ලා සිටි අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා ද විදුලි බිල අඩු කරන ලෙස ඉල්ලා සිටියේය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ වෙරිටේ රිසර්ච් ආයතනය සිදු කරන ලද සමීක්ෂණයකට අනුව දකුණු ආසියාවේ වැඩිපුරම විදුලි බිල ඇත්තේ අප රටේ බවත් කී විපක්ෂ නායකයා දකුණු ආසියාව හා සංසන්දනය කර බලන විට අප රටේ විදුලියට දළ දශයෙන් තුන් ගුණයක් වැඩිපුර ගෙවිය යුතු බවත් කීය.

එබැවින් මේ ගැන රජයේ අවදානය යොමු කරන ලෙසත් දැනටමත් විදුලි බිල අවස්ථා ගණනාවකදී වැඩිකර ඇති නිසා එය පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යවසායකයින්ට බරපතළ අගතිගාමී තත්ත්වයක් මතු කර ඇති බවත් ඒ නිසා සහනයක් ලබාදෙන ලෙසත් ඉල්ලීය. ඒ පිළිබඳ අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා ද විදුලි බිල අඩු කරන ලෙස ඉල්ලා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment